හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්‍ෂය පැවසීය.


එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පැවැත්විණි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පැවසුවේ එහිදී මෙම තීරණය ගත් බවය.

එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ ට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පැවසිය.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්