මෙරට විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් ඊයේ (27) දිනයේ කොළඹ දී සිදුව ඇත.

 

ශ්‍රී ලංකාවේ මෙරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන් ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL මාධ්‍ය ජාලය සමගින් අති සුවිශේෂ වූ ක්‍රමෝපායික සම්මුතියකට එළෙඹෙමින් ගිවිසුමක් අත්සන් කළ බව 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ' සමාගමේ ජනමාධ්‍ය ජාලය වන සුප්‍රීම් මීඩියා (Supreme Media) නිවේදනය කර සිටියි.

ඒ අනුව, සුප්‍රීම් මීඩියා සතු නව්‍ය තාක්ෂණය සමගින් වඩා පුළුල් මාධ්‍ය අවකාශයක් ආවරණය කරමින් දිවයින පුරා විසිරී පැතිරී සිටින රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට නැවුම් රූපවාහිනී අත්දැකීම් රැසක් ලබා දීමට සැලසුම් කර ඇතැයි Supreme Media පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම සැබෑම පොදු ජන මූල රූපවාහිනී නාලිකාව ලෙසින් නව ගමනක් ඇරඹි සුප්‍රීම් නාලිකාවේ ආවරණ කලාප ව්‍යාප්තිය වෙනුවෙන් මෙම සුවිශේෂී ආයෝජනය සිදු කිරීමට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම විසින් තීරණය කර ඇතැයි TNL මාධ්‍ය ජාලය හා  'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් අතර ඇතිකර ගත් එකඟතාවයෙන් අනතුරුව Supreme Media විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

 WhatsApp Image 2024 03 28 at 11.56.03 AM

 

මෙරට රූපවාහිනී ඉතිහාසයේ ඉතා සුවිශේෂී සංධිස්ථානයක් වන මෙම ගිවිසුම්ගත වීම සඳහා මෙරට ජනතාව යළිත් රූපවාහිනී තිරය ඉදිරියට ආශක්ත කර ගැනීමටත් ප්‍රේක්ෂක ප්‍රජාව වෙත උසස් ප්‍රමිතියේ ගුණාත්මක රූපවාහිනී අත්දැකීමක් එක් කිරීමටත් සුප්‍රීම් මීඩියා විසින් ජනතාව වෙත ශපත කර සිටියි. සිංහල, ද්‍රවිඩ මුස්ලිම්, බර්ගර් ලෙසින් ජාතීන් නොබෙදා ශ්‍රී ලාංකිකයින් ලෙස සැවොම එක පෙළට ගළපා රූපවාහිනී තිරය ඉදිරියට කැඳවීම Supreme නාලිකාවේ මූලිකම අභිප්‍රාය බව Supreme Media අවධාරණය කර සිටියි.

Supreme Media විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

425408875 909988637662006 5604533058256990107 n
'' 2019 වර්ෂයේ දී සිය විකාශන කටයුතු ආරම්භ කළ මෙරට නවතම විද්‍යුත් නාලිකාව වූ Supreme විසින් මේ රටේ වර්තමානය හා අනාගතයට ආමන්ත්‍රණය කරන්නට මෑතකදී ජනගත කරන ලද "මගේ හඬ මගේ රට - මගේ හඬ මගේ රට" යන ප්‍රබෝධමත් තේමා පාඨය මගින් සමගින් මෙරට රූපවාහිනී ක්ෂේත්‍රය තුළ පෙරළිකාර අනන්‍ය වූ ගමනක් අරඹා තිබේ.

එහිදී මෙරට ප්‍රේක්ෂකාගාරය වෙත තව තවත් සමීප වීම සඳහා ගත්  මෙම උපායමාර්ගික ඒකාබද්ධ වීමත් සමඟ, ශ්‍රී ලංකාව පුරා අති විශාල ආවරණයක් සහිතව සිය විකාශන කටයුතු ව්‍යාප්ත කිරීමට සුප්‍රීම් නාලිකාවට හැකි වී ඇති අතර, එමගින් ජනතාවට වඩාත් ම සමිප වූ හා ජනතා හඬ වෙනුවෙන් වඩාත්ම පුළුල් ඉඩක් වෙන් වූ මෙරට සුවිශේෂී විද්‍යුත් නාලිකාවක් ලෙසින් සුප්‍රීම් ඉතිහාස ගත වනු ඇත.

 

radio

මේ අතර නුදුරේ දී ම TNL සතු 89.1 සහ 89.3 MHz ගුවන් විදුලි සංඛ්‍යාත හරහා ද ගුවන් විදුලි  වැඩසටහන් ගුවනට මුදා හරින්නට සුප්‍රීම් මීඩියා (Supreme Media) විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර ලෙසින් එය 'සුප්‍රීම්' නම් සන්නාමය යටතේ මෙරට ගුවන් විදුලි ප්‍රේක්ෂකාගාරයගත වනු ඇත. මගේ රට - මගේ හඬ තේමා පාඨය සමඟින් මෙම සුවිශේෂී හවුල්කාරී ක්‍රියාන්විතය ඔස්සේ ගුවන්විදුලි රසිකාගාරය ඇමතීමට සියල්ල සූදානම් වෙමින් පවතියි.

මෙම මෙම සන්ධාන ගත වීම හරහා බහු මාධ්‍ය සම්ප්‍රේෂන්ණයන් හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වීමට සුප්‍රීම් මාධ්‍යයට ඇති හැකියාව තව තවත් වැඩි දියුණු වී ඇති අතරම, රූපවාහිනී නාලිකා දෙකක්, එක් ගුවන් විදුලි නාලිකාවක් සහ වෙනස් ඩිජිටල් නාලිකා තුනක් සහිත මාධ්‍ය ජාලයක් ලෙස ජනතාභිෂකයට පත් වීමද මේ සමගින් සනිටුහන් කරයි.

 

433703341 939896134671256 1164532469819818522 n

 

2024 මාර්තු 22 වන දින ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල රූපවාහිනී නාලිකාව ලෙසින් එක්වන සුප්‍රීම් එහි වේදිකාවේ දියත් කිරීමට සමගාමීව මෙම හවුල්කාරිත්වය විසින් TNL හී සංඛ්‍යාත ඔස්සේ ද වඩාත් පුළුල් ක්‍රීඩාලෝලී රසිකාගාරයකට එම විද්‍යුත් විකාශය සමීප කරවීමට ක්‍රියා කිරීමත් සමගින් මෙම සහයෝගිතාව සක්‍රීය විය.

මෙම දිගුකාලීන හවුල්කාරිත්වය සමඟින්, ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට දැන් සාම්ප්‍රදායික රූපවාහිනී නාලිකාවක් මගින් ඔවුන් වෙත ලබා දෙන සතුට විනෝදය හා සරල රසවින්දනයට එහා ගිය නැවුම් අත්දැකීම් රැසක් අත්විඳින්නට අවස්ථාව උදා වී ඇත. ඔවුන්ගේ ජීවිතවලට හා ජීවිත චර්‍යයාවට විමසන්නටත් ඒ වෙනුවෙන් ඔවුන් ගේ හඬ රටට ගෙන යන්නටත් මාධ්‍ය සහයෝගය සහ විද්‍යුත් වේදිකාවක් ගොඩ නගමින් විවිධ නැවුම් ප්‍රජා මූලික හා සමාජාකර් ෂණීය වැඩසටහන් මෙන්ම ප්‍රවෘත්ති විකාශයන් ද ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සුප්‍රීම් කටයුතු සැලසුම් කර ඇත.

 

425722881 910574667603403 6287098754444365934 n
ඒක දිශානතික රූපවාහිනී විකාශයක සාමාන්‍ය සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් දැන් සුප්‍රීම් නාලිකාව බහුවිධ විකාශන ක්‍රම ඔස්සේ මනා ප්‍රේක්ෂකාගාර සබඳතා ගොඩ නගා ගනිමින් ඔවුන් ගේ ජීවිත වලට ශක්තියක් වෙමින් ඔවුන් ගේ සැබෑ මහජන නියෝජිතයා ලෙසින් ඔවුන්ට මගපෙන්වීම, උපදේශනය, රැකවරණය සහ සැනසුම ලබා දෙන අතරම සැබෑ දේශප්‍රේමියෙකු මෙන් දේශප්‍රේමීත්වය හා ජාතිකාලයත්, ජාතීන් අතර සැබෑ සංහිඳියාවත් යළි ගොඩනැගීමට සහභාගී වෙමින් සියලුම දේශීය විද්වතුන් හා කලාකරුවන්, දේශීය කලා, දේශීය සන්නාම, දේශීය ව්‍යවසායකයින් ව්‍යාපාර සහ කර්මාන්ත වර්ධනයට මෙන්ම ප්‍රවර්ධනයටත් සක්‍රීයව සහය වීමට ත් ලෝකය හා තරග කර ජාත්‍යන්තරය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව ලෝකයේ බබළවන්නටත් දිරිය සවිය බලය ශක්තිය සපයන පොදු ජන විද්‍යුත් සහකරු ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සමගින් සුප්‍රීම් නාලිකාව සිට ගනු ඇත.

සුප්‍රිම් නාලිකාව සැමවිටම මෙරට ජනතාව ගේ මෙන්ම සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකය නංවාලීම වෙනුවෙන් සිය දායකත්වය වගකීමක් හා මෙහෙවරක් ලෙස සළකා ක්‍රියා කිරීමට සූදානමින් සිටියි.''

Supreme Global Holdings ගැන

 

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න ! 
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විවිධ නව්‍ය කර්මාන්ත ක්ෂෙත්‍රයන් ශ්‍රී ලාංකේය ජාතික ආර්ථිකයට විශාල වශයෙන් ශක්තිය සපයන දේශීය පුද්ගලික ව්‍යවසායක  සන්නාමයකි. අභ්‍යවකාශ තාක්ෂණය, ඛණිජ සම්පත් හා පතල් කැණීම්, ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රය, සන්නිවේදන මාධ්‍ය, digital මූල්‍ය ක්ෂෙත්‍රය, e වාණිජ ව්‍යාපාරයන් සහ නව උපාය මාර්ගික ආයෝජන ඇතුළුව විව්ධ ක්ෂෙත්‍රයන ගණනාවක සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම විසින් සුප්‍රීම්සැට් 1 දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට පළමු වාණිජ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා ව්‍යාපාරය හඳුන්වාදීමේ පුරෝගාමී ව්‍යවසායකයා ලෙසින් ඉතිහාස ගත විය. 

සමස්ත ජාතියට නව රැකියා හා මූල්‍ය උත්පාදන මාර්ගයක් විවර කිරීම හා ලෝකයේ අනාගතයේ විශාලතම ව්‍යාපාරයක් බවට පත්වන අභ්‍යවකාශ ආශ්‍රිත සේවා හා මෙහෙයුම් සම්බන්ධ ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව පෙර සූදානම් කරමින්, ශ්‍රී ලංකාවට මූල්‍ය හා බලශක්ති අර්බුද වැනි අභියෝග ඇති වන අවස්ථාවල ඉන් මිදීමට උපායශීලී හා තාක්ෂණික හා වාණිජ සහයෝගිතාව ලබා දෙමින් අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ සැපයුම් විධිමත් කිරීම හා ජත්‍යන්තර වෙළෙඳ සබඳතා ගොඩනගා දීමේ ප්‍රමුඛ කාර්යයක් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම සිදු කරනු ලබයි.

 

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න !
ශ්‍රී ලංකාවට ධනාත්මක සුබවාදී ශක්තිමත් ආර්ථික පරිණාමයක් අපේක්ෂා කරමින් ජාතික යහපැවැත්ම සඳහා සිය පූර්ණ දායකත්වය සැපයීමට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම සමාගම කැප වී සිටී.

ශ්‍රී ලංකාව සංවර්ධිත හා සමෘද්ධිමත් ජාතියක් ලෙසින් ලෝක සිතියමේ සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට අභියෝග මතින් යන ගමනට සහභාගී වන ලෙස මේ රටේ සමස්ත ව්‍යවසායක ප්‍රජාවට, පොදු ජනතාවට හා මේ රටේ සුබදායක අනාගතයක පෙරනිමිති දකින්නට කැමති සියලු පාර්ශවයන්ට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පෙරගමන් කරුවෙක් ලෙසින් උත්තේජනය සපයයි.
 
SUPREME නාලිකාව නැරඹිය හැකි සංඛ්‍යාතයන්


WhatsApp Image 2024 03 28 at 9.06.13 AMSUPREME


UHF 47 (679.25 MHz) - දිවයින පුරා
UHF 49 (695.25 MHz) - බස්නාහිර
UHF 28 (527.25 MHz) - දකුණ
UHF 56 (751.25 MHz) - සබරගමුව
UHF 32 (559.25 MHz) - වයඹ, උතුරුමැද, මාතලේ

TNL SUPREME

WhatsApp Image 2024 03 28 at 9.06.14 AM 2VHF 11 (217.25 MHz) - පිළියන්දල
UHF 21 (471.25 MHz) - කොළඹ
VHF 04 (62.25 MHz) - නුවර එළිය
UHF 26 (511.25 MHz) - ගොන්ගල
UHF 26 (511.25 MHz) - මහනුවර
VHF 11 (217.25 MHz) - කරගහතැන්න
UHF 21 (471.25 MHz)- බදුල්ල
UHF 26 (511.25 MHz) - රත්නපුර
UHF 26 (511.25 MHz) - අවිස්සාවේල්ල

වැඩිදුර තොරතුරු සඳහා :
 
කංචන කොඩිතුවක්කු
අධ්‍යක්ෂ -සමූහ සන්නිවේදන හා මහජන සම්බන්ධතා
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම
(+94) 112 434 000  | (+94) 777 253 444   
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්