ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන

නායකයකුටවත් ලියා දී නොමැති බව විපක්ෂ නායකයා ප්‍රකාශ කර තිබේ.

දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ අද වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලු‍මඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තමන්ගේ පවුලට අයිති දෙයක් ලෙස බවත් පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වෙලා කියා සිතා ගෙන ඉන්නවා නම් එය වැරදි බවද ඔහු පෙන්වා දෙයි.

රට අයිති එක පවුලකට හෝ ඥාති හිතමිත්‍රාදීන්ට නොව මේ රට අයිති ලක්ෂ 220ක් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම ආගමකටම අයිති ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේශපාලන පක්ෂවලට එසේ කළ හැකි වුවද රටේ අයිතිය ඇත්තේ ලක්ෂ 220 ජනතාවට බවත් එය සෑම ආගමකටම ජාතියකටම අයිති දෙයක් බවත් ආගමික සමගිය ජාතීන් අතර සමගිය ඇති කර ගත යුතු බවත් ආගම් හා ජාති අතර භේද බින්නකම් ඇති කර ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පවසයි.

(චතුරංග මේදිස්)





worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්