"ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්" තේමාව යටතේ 1971 අරගලයට වසර 53ක් සැපිරීම නිමිත්තෙන් පවත්වන 53වන අප්‍රේල් විරු සමරුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සමරු වැඩසටහනක් සංවිධානය කර ඇත. 


ප්‍රධාන සමරුව අප්‍රේල් 5 සවස 3.00ට යක්කල, ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර එහි සමරු දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් පවත්වනු ඇත. 

එහිදී සමරු ගී ප්‍රසංගයක්ද පැවැත්වේ.

ඊට අමතරව මාතර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, බදුල්ල හා අනුරාධපුරය දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය මට්ටමින් විරු සමරු පැවැත්වීමට කටයුතු යොදා ඇත. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්