ශ්‍රී ලංකාව තම රටේ ජනතාව රටින් පිට වාසය කරන දෙවන ඉහළම ප්‍රතිශතයක් සිටින රට බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසන්නේ තරුණයන් උසස් අධ්‍යාපනය සහ රැකියාව සඳහා වැඩියෙන්ම රටින් පිටව යෑම ඇරඹුවේ රාජපක්ෂ යුගයේ තමන්ට අනාගතය නැතැයි යන බිය නිසා බවයි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදීය. 

“නමුත් ඔවුන් කියුබාවට හෝ උතුරු කොරියාවට යන්නේ නැත. ඔවුන් හොඳ අපේක්ෂාවන් සඳහා වසා දැමූ රටවලට යාමට උත්සාහ නොකරයි. අද රටේ ඇතැම් බංකොලොත් දේශපාලකයෝ වරෙක ඉන්දියාව නරක යැයි කියූ අතර දැන් ඔවුන් එක්සත් ජනපදය සමඟ එහි දුවමින් සිටිති. ඕනෑම දෙයක් සාකච්ඡා කිරීමට ඔවුන්ට නිසි පදනමක් තිබිය යුතුය, නමුත් ඔවුන්ට එවැනි අත්දැකීම් හෝ හැකියාවක් නොමැත.” ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසිය.

ඔවුන් කරන්න දන්නේ වටිනා දේකට විරුද්ධව බෝඩ් ලෑල්ලක් අල්ලගෙන සිටිම සහ අපේ සම්පත එය විකිණිය නොහැක යනුවෙන් රටේ දියුණුවට බාධා පැමිණවීම පමණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

 

ලොව සෑම රටක්ම බාහිර ලෝකෙට විවෘත කර තිබෙන බවත් සමාජවාදය හා මාක්ස්වාදය පෙන්වා රට සංවෘත කරන්න අත් දැකීම් නැති පිරිසක් බලය ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.

 

“ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් තබන්නට උත්සහ කළ අවස්ථාවේදී රටවල් දෙක යා කර පාලමක් ඉදිකර ලංකාව එරටේ බලපෑම්වලට නතු කරන්න යනවා යැයි ජනතාව බියට පත් කළා. දැන් ඒ රටවල් පාලම් යුගයෙන් ඉවත් වී පුනර්ජනනීය විදුලිය හා ගෑස් සැපයීමට පාලම් දැමීම ගැන කතා කරනවා. මාක්ස්වාදය ගැන කතා කරන පක්ෂ තවම එක තැන පල්වෙමින් සිටිනවා.”

"මේ රටට මාක්ස්වාදයට වඩා අල්වා එඩිසන්ගේ විදුලි බුබුලෙන් වැඩි ආලෝකයක් ලැබෙන  බව තරුණයන් මතක තබා ගත යුතුයි." මන්ත්‍රීවරයා සමච්චල් කළේය.

මාක්ස්වාදය හා සමාජය වාදයේ නාමයෙන් රට වසා තබාගෙන රටේ සම්පත් ඒවා විකිණිය නොහැකිය යනුවෙන් විවිධ සටන් පාඨ කියමින් සිටි යුගයෙන් රට මුදවා ගත යුතු බව පවසන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා “එම සටන් පාඨවලින් රට විනාශ වුණා. එම දැන්වත් අපේ වත්කම් අප සතුයි කියමින් කිසිඳු ප්‍රතිලාභයක් නොගෙන ඒවා නිකරුණේ  බදා ගෙන සිටින මනංකල්පිත භාවයෙන් දුරස් විය යුතු.” යැයි වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්