හරිනිගෙ කතාව අහන්න ඕන නිසාම මම ආයෙත් මේ ජාතික රූපවාහිනියෙ නුගසෙවන කියන වැඩසටහන බැලුව.
පලවෙනියට බැලුවෙ මීට අවුරුදු 16කට විතර පෙර මගේ බිරිඳව ඒකට ගෙනත් සාකච්ඡා කරපු වෙලාවෙ. ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එකේ කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ ගැන. [ඒක කළේ ඒ කාලෙ කවුරුහරි]

දෙවෙනියට බැලුවෙ සුනේත්‍රත් එක්ක එක.

ආයෙ දවස් ගානකට ඉස්සෙල්ලෙ මුස්ලිම් ලේඛිකාවක් ගෙනත් "ඔබ මුස්ලිම් වීම ගැන සතුටුද?" කියල.

මේ හරිණිත් එක්ක සාකච්ඡාව කරන 'පිරිමි' කෙනාම කරපු සාකච්ඡාව නිසා. අද බැලුවෙ හරිණි නිසා.

මේ මනුස්සයව "ඔබ මුස්ලිම් වීම ගැන සතුටුයිද" කියල අහපු ප්‍රශ්ණය මම ඩිෆෙන්ඩ් කරපු එක ඉල්ලා අස්කර ගන්නත් හිතෙනෙව මේ මිනිහ හරිනිගෙන් අහන සමහර ප්‍රශ්ණ නිසා. [මම මේව නොබලන නිසා ඔය ඔක්කොම අය ගැන දන්නෙ නැහැ]

මම ඒ ගැන දාපු පෝස්ට් එකයි, ඒක යට ගිය සාකච්ඡාවයි මෙතනින් බලන්න:


මේ  දාල තියෙන වීඩියෝ කොටස බලන්න !

ඒ මනුස්සය හරිනිට කියනව "මම කැමතියි ඔබ තුමියගෙ සැබෑ ස්වභාවය හඳුනගන්න, බැලූ බැල්මට පේන්න තියෙන්නෙ අර ලාලිත්‍යට වැඩි රළු බවක්, පොඩි පිරිමි බවක් තියෙනව, ඔබට දරා ගැනීමේ හැකියාවක් තියෙනව, ඔය ආදරේ වගේ හැඟුම්කාරකයක් ඔබට දැනිල නැද්ද?" ඔන්න ඔහොම. හරිනි නියමට බැට් කරනව.

මම මේ රෙකෝඩ් කරපු 16.19 ඉඳල තියෙන විනාඩි දෙකත් පහුකරගෙන එතන ජාතික රූපවාහිනියෙ ඉන්න "කාන්තාවත්" ආයෙ මේ "පිරිමියත්" අහන ඒව බලන්න.

ලොකු අප්සෙට් එකක් තියෙනව මේ ටෝක්ශෝ හොස්ට්ලගෙ, ට්‍රේනිං අවශ්‍යයයි. නමුත් මේ මනුස්සයගෙ තියෙන විශේෂත්වය තමා උත්තර දෙනකොට ඒකට බාදා නොකර ඔහේ කියන්න දෙන එක.

අර මුස්ලිම් ලේඛිකාවගෙන් අහපු එක ගොඩක් අය විවේචනය කලෙත් මම හිතන්නෙ ඒ කෑල්ලටම නෙමෙයි, මේ කෙනා සමස්ථයක් විදියට අරං වෙන්න ඕන.

මිනිහ උත්තර දෙන්න ඉඩ දීල නිකන් හිටියත් අගතිගාමී 'ප්‍රශ්ණද' අසන්නෙක් කියල හිතුන මට නම් අද හරිනිගෙන් අහපු ඔය ප්‍රශ්ණය නිසාම.

සමහර විට අර මුස්ලිම් ලේඛිකාවටත් ඔෆෙන්සිව් විදියට ඒ අහපු ප්‍රශ්ණය තේරුම් යන්න ඇති, හරිනි ඊට වෙනස් නිසා, පිරිමි ප්‍රශ්ණ, පිරිමින්ගෙ ආකල්ප කියල කියනව, ඒත් අර ලේඛිකාව "ඕව සංඛ්‍යාත්මකව මහ ජාතියේ ප්‍රශ්ණ" කියල උත්තර දෙන්නෙ නැහැ.

මේව ගැන ඇත්තටම සංවේදී වෙන්න ඕන.

තව කෑල්ලක් තියෙනව මේ ටෝක්ශෝ එකේම, මම ඒ ගැන වෙලාවක් තිබ්බොත් ලියන්නම්!

හරිනිත් එක්ක කරන සාකච්ජාව හැමොම බලන්න!

Uvindu Kuru
(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

[උවිඳු ගේ ෆේස්බුක් පිටුවෙන් ..]
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්