ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1986 වසරේ අප්‍රේල් මස ඉන්දියාවේ, තමිල්නාඩු මණ්ඩපම් හිදී කේ.නාලනී උපත ලබා තිබුණේ ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකය.

ඇයගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් වන අතර නාලිනීගේ පවුලේ පරම්පරා කිහිපයක් වතුකරයේ රැකියා කිරීම සඳහා මීට පෙර ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබුණි.

ඒ අනුව සරණාගත කඳවුරේ රැඳී සිටි පිරිසෙන් 1950 සිට 1987 දක්වා කාලය අතරතුර උපත ලැබූ පිරිස සඳහා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් අයඳුම් කිරිමේ අවස්ථාව ලබාදීමට ඉන්දීය රජය තීරණ කර තිබුණි.

කෙසේවෙතත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරීම වෙනුවෙන් නාලනී 2022 සැප්තැම්බර් මාසයේදී මදුරාසි මහාධිකරණයට ඇයඳුම් කර තිබුණි.

එහිදී දිල්ලි රජය ඇය ඉන්දියාවේ උපත ලැබු අයෙකු බැවින් ඡන්ද භාවිත කිරීම සඳහා හැකියාව පවතින බවට සඳහන් කර තිබේ.

ඒ අනුව නාලිනී තිරුචි ලෝක් සභා මැතිවරණ කොට්ඨාසයට අයත් තිරුචි නැගෙනහිර සභා බල ප්‍රදේශයේ ඡන්ද දායකයෙක් ලෙස ලියාපදිංචි වී ඇති අතර මදුරාසි මහාධිකරණයේ යොමුකළ නඩුවෙන් ඇය ජය ගෙන තිබුණි.

ඒ අනුව 38 හැවිරිදි නාලිනී ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට පත්වූ අතර නාලීන ඊයේ සිය පළමු ඡන්දය භාවිත කිරීම තිරුචි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකීය සරණාගතයින් සඳහා වූ කොට්ටපත්තු කඳවුරේ ශාන්ත ලූර්ඩ්ස් ප්‍රාථමික පාසලේදී සිදුකළාය.

(aruna.lk)

සබැඳි පුවත් :
ඉන්දීය මහ මැතිවරණය හෙටින් (19) ඇරඹේ
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්