ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ.

 

ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළේය.

එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමටය.

ඒ අනුව පළමු තොගය ලෙස ලූනු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේය.

කෙසේවෙතත් මෙරට මාසික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

(aruna.lk)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්