සජබ මන්ත්‍රී නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ

විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත් මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සුදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. 

ආර්ථික විශේෂඥයන් අතර විවාදය බැහැ කියන්නේ ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ට වැඩ බැරි නිසා ද කියා ගැටලුවක් පවතින බවත් එම නිසා ලිපි හරබ නොකර මැයි මාසයේ විවාද දෙකම කිරිමට එන ලෙසත් වාද විවාද පවත්වනවා සේම ඊට පෙර කයිය වගේම වැඩක් කර පෙන්වන ලෙස යෝජනා කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට කයිය බොරුව සෝබනය ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බවත් කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සුදානම් නිසා බය නැතිව එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින හතරක් ලබා දී ඇත. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්සගේ අත්සනින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර වෙත ඊයේ (22) ලිපියක් යොමු කරමින් එම කාරණය නිල වශයෙන් දැනුම් දී තිබේ.

 

මෙම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.  

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපියක් !


මේ අතර '' විවාදය සඳහා දිනය වෙන්කර ගැනීම'' යන ශීර්ෂය යටතේ විපක්ෂනායකයා විසින් අනුර කුමාර මන්ත්‍රීවරයා වෙත යොමුකළ බව සඳහන් ලිපියක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. 

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නමුත් එම දිනවලින් කිසිදු දිනක, අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව එම ලිපියේ සඳහන් වේ. එසේම, අදාල විවාදය ජුනි 31 දා යොදාගන්නා ලෙසද දැනුම්දී තිබේ. 

කැලැන්ඩර් වර්ෂය තුළ ජුනි 31 දිනයක් නොමැතිවීමත් එම ලිපියේ විශ්වසනීයත්වය පිලිබඳ සැකයක් මතුවන නිසාත් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක වරයාගෙන් විමසීමේදී ඔහු පැවසුයේ තමන් විසින් එවැනි කිසිඳු ලිපියක් යොමුකර නොමැති බවයි. එවැනි ලිපියක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ නම් එය පැහැදිලිවම ව්‍යාජ ලිපියක් බව ඔහු අවධාරණය කළේය. 

 WhatsApp Image 2024 04 23 at 3.35.43 PM

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ලිපිය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්