නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික
සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් මෙම අප්‍රේල් 28 ඉරු දින පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල  (ඇල්ල හරහා) අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව සමීපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය "ඇත් පිළිරුව" අබියස දී පැවැත්වේ.

සෙනරත්ගම ඇතුළු අවට ගම් වාසීන් ගේ පූර්ණ සහයෝගයෙන් මෙම හරිත බක් මහ උළෙල ගල්ගමුව ප්‍රාදේශීය සහාව සහ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මඟින් සංවිධානය කොට තිබේ.

ගල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි ඕනෑම අයකුට සහභාගී විය හැකි මතු දැක්වෙන කාණ්ඩ යටතේ තරඟ මෙහි පැවැත්වීමට සැලසුම් කොට ඇත.       

(අ) 2024.04 30 දාට වයස අවුරුදු දොලහට අඩු වයස් කාණ්ඩයේ දරුවන් සඳහා මතු සඳහන් ළමා තරඟ පෙරවරුවේ පවත්වා තෑගි දී නිමා කිරීමට අපේක්ෂා කෙරේ   

01:ගැමි සමාජ නිරූපණ ඇඳුම් තරඟය (ගොවියා,ගෙවිලිය,මඟුල් කපුවා,කත් කාරයා,ශාස්ත්‍ර කාරිය ආදී වශයෙන්)

02:හොඳම ජන ගායනය (ඕනෑම ජන ගායනයක් ඉදිරිපත් කළ හැක)

03:ස්වාභාවික ශාක පත්‍ර හඳුනා ගැනීම

04:සොබා දම සුරැකීම පිළිබඳ කථික තරඟය

05:සොබා දහම,පරිසරය තේමා කොට ගත් ක්ෂණික රූ රටා නිර්මාණය      
 
haritha bak1
(ආ) මෙම බක් මහ උළෙලේ මතු සඳහන් විවෘත තරඟ තරඟ පස්වරුවේ පවත්වා තෑගි දී නිමා කිරීමට අපේක්ෂා කෙරේ

01:පොල් අතු විවීම

02:හොඳම ජන රංගනය(බලි තොවිල් ශාන්ති කර්ම ,සොකරි,කෝලම් ආදිය ඇසුරින්)

03  රසවත්ම ජන කතාව/ජනප්‍රවාදය  

04; හොඳම දරු නැලවිලි ගීය

05: හොඳම රබන් පද වාදනය සහ ගායනය

ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා ගුරු උපදේශක ජේ රත්නායක විසින් තරඟ විනිශ්ච කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම සිදු කරන අතර එම තරඟ සඳහා එක්වන සියළු දෙනාට පුවත් පත් සහ සඟරා තිළිණ වශයෙන් ලබා දීමටත් මෙම ඇත් පිළිරුව නැරඹීමට පිට පළාත් වලින් පැමිණෙන්නවුන් සඳහා විශේෂිත තරඟ කිහිපයක් පවත්වා ඔවුනට ද විශේෂ තිළිණ ප්‍රදානය කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම ඇත් පිළිරුව කේන්ද්‍ර කර ගනිමින් ගල්ගමුව ප්‍රාදේශීය සහාව සහ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මඟින් 2004 අප්‍රේල් 02-ජූනි 30 තෙක් "සතුනගෙ හිමිකම් - අපගේ මනුදම්" වශයෙන් ප්‍රකාශිත දින අනූවේ වැඩ සටහන් දාමයට අදාල මෙම හරිත බක් මහ උළෙල සම්බන්ධ වැඩිදුර විමසීම් 0719044044 යන දුරකථන අංකය වෙත යොමු කළ හැක.  

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්