පන්සල තුළ ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා බිහි කිරිමේ අරමුණ පෙර දැරිව පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න වැඩ පිළිවෙලක්

නිර්මාණය කිරිම “ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා ආරම්භ කර තිබේ.

එම වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක බව ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපනික ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපනය හැදෑරූ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (28) මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ පැවති උත්සවයක දී ඔහු කියා සිටියේය.

මේ වන විට ආසියාවේ අංක එකේ හොඳම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයට බවට පත්ව ඇත්තේද මෙම ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපනික ව්‍යාපෘතියයි.

ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා 5000ක්

“අපේ අවුරුදු 2500ක ඉතිහාසයෙම අපි හැදුනෙ ගමේ පන්සලත් එක්ක. පන්සල කියන්නේ හැමදෙයක්ම කරන්න පුලුවන් තැනැක්. අපි පන්සලෙන් ඈත් වූනා විතරයි අපේ ප්‍රශ්න වැඩි වුනා. අපි අද මේ තියෙන තැනට වැටෙන්න එක හේතුවක් තමයි පන්සලත් සමග තිබුණු මේ සම්බන්ධය අඩුවීම. මේ සංකල්පය නැවත ඇති කරන්න මම වැඩ පිළිවෙලක් සකස් කලා. ඒකෙදි මුලින්ම පන්සල තුල ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා හදන්න අවශ්‍යයි. ඒකට තමයි මම පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න වැඩ පිළිවෙලක් හැදුවෙ. ඒ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.”

ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා 5000ක් නිර්මාණය කර ඒ ඒ් රටවල භාෂාවලින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් බිහි කිරිමේ තම බලාපොරොත්තුව බව ධම්මික පෙරේරා පැවසීය.

ඊට අවශ්‍ය භාෂා දැනුම ඔහු විවෘත කළ භාෂා පාසලින් ස්වාමින් වහන්සේලාට මෙන්ම දරුවන්ට ද ලබා ගත හැකි යැයි හෙතෙම සඳහන් කළේය.


මාතරට අයි ටී කැම්පස් 17ක්


පාසල් 675කට Smart Class Room (සුහුරු පන්ති කාමර) ලබා දී අවසන් බව ද “ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතියේ නිර්මාතෘ කියා සිටියේය.

“මම මේ කැම්පස් එක ඇරල අවුරුද්දයි මාස තුනක් වෙනව. හැබැයි ඒක හදන්න මට අවුරුදු 12ක් ගියා.  මම මේ වෙනකොට පාසල් 675කට Smart Class Room (සුහුරු පන්ති කාමර) ලබා දීල තියෙනවා. ඉදිරියේදීත් තවත් පාසල් රැසකට මම ඒ පහසුකම ලබා දෙන්න සැලසුම් කරල තියෙනවා.”

මාතර අයි ටී කැම්පස් 17ක් සෑදිමට බලාපොරොත්තු වන බව කී ධම්මික පෙරේරා ඉන් අවුරුදු දෙකකදී සිසුන් 17000කට පාඨමාලාව හැදෑරිය හැකි බව පෙන්වා දුනි.

මගේ මේ ව්‍යාපෘති 324 ඇතුලෙ තියෙන ඉංග්‍රීසි වචන ටික දැනගත්තම අයි ටී කරන්න පුලුවන්. අද මෙතන ඉන්නවා අයි.ටී. සිලිකන් වැලි ඔෆිස් එකට සුදුසුකම් ලබන ළමුන් 72ක්. ඒකියන්නේ එයල ඉස්සරහදී හොද රැකියාවක් කරන කෙනෙක් කියන එක” යැයි ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

“ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා මාතර දී සිදුකළ සම්පුර්ණ කතාව පහතින් නරඹන්න,

 
 (චතුරංග මේදිස්)

 

                   

DP mathara 2024.04.28

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්