මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තිබෙන බව

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසයි.

පාර්ලිමේන්තුවේ සියයට 99ක්ම අධිකරණ කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේත් නීතීඥයන් බවත් ඔහු කියා සිටියි.

කෞෂල්‍ය නවරත්න ඒ බව පැවැසූවේ මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන්වලින් මුදල් උපයන නීතීඥයන් පිළිබදව මහජන ආරක්ෂ අමාත්‍යාංශය මගින් හෙළිකරන බවට මාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව 'ලංකාදීප (lankadeepa.lk) සිදුකළ විමසීමකදීය.

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනාවක් සම්මතකර ගනී

jhlkjhjdklf
අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ.

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියෙන් පසු පැවති උත්සවයේදී අමාත්‍ය  ටිරාන් අලස් අදාළ ප්‍රකාශය සිදුකර තිබිණි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසන්නේ මෙම යෝජනාව සම්මත කරන ලද්දේ ඇමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් බවයි.

 

 

'ඇතැම් නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතකොලු වෙලා'

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේවනවිට විදේශගතව සිටින අතර, නීතිඥ සංගමය විසින් සම්මතකර ගෙන ඇති ඉහත යෝජනාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මතගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවයි.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

සබැඳු පුවත් :

නීතිඥ සංගමය ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය හෙළාදකියි

'වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා' - විශේෂ පොලිස් කණ්ඩායමට ටිරාන් කියයි

'ඇතැම් නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතකොලු වෙලා' - ඇමති ටිරාන්

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්