නැගෙනහිර පළාතේ වෙරළ ඛාදනය හේතුවෙන් විපතට පත් ධීවරයන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC)

නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ පසුගියදා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවකදීය.

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ පැවති එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ලබා දුන් අමිල සහයෝගය පිළිබඳ බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට කෘතඥතා පළකර කර ඇතැයි මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට නිවාස 50,000ක් ලබාදීමේ සුවිශේෂී ක්‍රියාව පිළිබඳවද ඔහු සිය ප්‍රසාදය පළකර තිබේ.

 
විපතට පත් ධීවරයන් මුහුණ දෙන අභියෝගවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව
 

තවද, නැගෙනහිර පළාත්වල, විශේෂයෙන්ම ඔලුවිල්, නින්දවුර්, කරෙයිතිව්, මාලිගයිකාඩු, පාණ්ඩිරිප්පු, මරුතමුනෙයි සහ කල්මුණේ වැනි ප්‍රදේශවල වෙරළ ඛාදනය හේතුවෙන් විපතට පත් ධීවරයන් මුහුණ දෙන අභියෝගවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවද බදියුදීන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇත.

එළඹෙන නැගෙනහිර සංචාරයේදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම සහ වෙරළ ඛාදනය හේතුවෙන් විපතට පත් ධීවරයන්ට ආධාර කිරීම සඳහා ඉන්දීය රජයෙන් මුදල් ලබාගැනීමටත් ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

 
උතුරේ යුද්ධයෙන් විපතට පත් ජනතාවට තිරසාර ජීවනෝපාය අවස්ථා ලබාදීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ සහයෝගය ද ඉල්ලා සිටියේය.

තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර යාත්‍රා සේවාව


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සබඳතා වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගත් තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර යාත්‍රා සේවාව යළි පණ ගැන්වීමේ සැලසුම් ද සාකච්ඡාවට ඇතුළත් වී තිබේ.

ඉන්දීය රජයේ සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනයට අදාළ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව ඉදිරියට ගෙන යෑමටත්, දෙරටේම සමෘද්ධිය සහ යහපැවැත්ම සඳහා වැඩි සහයෝගීතාවක් ඇති කර ගැනීමටත් තම කැපවීම පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් මෙහිදී යළිත් තහවුරු කර ඇත.

හිටපු රාජ්‍ය ඇමැති සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති එම්.එස්.එස්. අමීර් අලි ද මෙම රැස්වීමට සහභාගි වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

 
bathudeen meeting
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්