ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.

ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්