රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව උත්තර ලංකා සභාගයේ සභාපති,
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ද පසුගියදා පැවසිය.
කිරුලපන දී පැවති "77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය" යන තේමාව යටතේ පැවති උත්තර ලංකා සභාගයේ මැයි දින රැළිය අමතමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.
“පහුගිය කාලෙ පැවැත් වූ සෑම සමීක්ෂණයකම රනිල් වික්‍රමසිංහට වඩා, සජිත් ප්‍රේමදාසට වඩා, අනුර කුමාර දිසානායකට වඩා මේ තුන් දනාම එපා කියන ඡන්ද කුට්ටිය ලොකු කුට්ටියක් වෙලා තියෙන්නේ. මේ ඡන්ද කුට්ටිය තමයි ලංකාවේ ප්‍රධානම ඡන්ද කුට්ටිය. මේ අය ඉවසීමෙන් බලාගෙන ඉන්නේ. දරාගෙන බලාගෙන ඉන්නේ. දේශප්‍රේමී බලවේගයක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනකන්.”
සබැඳි පුවත්:
උත්තර ලංකා සභාවෙන් දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක්