තම විදේශීය බිරිඳට ශ්‍රී ලංකාවට ඇතුල්වීම සඳහා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රමාද වීම හා ඒ සම්බන්ධයෙන් පැනනැගී ඇති අවුල් සහගත

තත්ත්වය පිළිබඳව චෝදනා කරමින් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලදී කෑකෝ ගැසූ ගුවන් මගියා මේවනවිට අතුරුදන්ව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගුවන් මගියා පිළිබඳව පොලිසිය විසින් සොයා බැලීමක් කර ඇතත් ඔහු මේවනවිට ආගිය අතක් නැතැයි පැවසේ.

එම ගුවන් මගියාගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමග විදේශිකයින් සඳහා විසා නිකුත්කිරීමේ අලුත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තේය.



වීසා ගිවිසුමේ කිසි වෙනසක් නෑ


කෙසේවුවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශකර ඇත්තේ,  වීසා නිකුත් කිරීමට අදාළව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බවයි.

වීසා නිකුත් කිරීමේදී පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ ගැටලු තාක්ෂණික දෝෂ නිසා ඇති වූවක් බවත් එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක පවසයි.

එහෙත් ඒ සඳහා දිනයක් ලබාදීම වියානි ගුණතිලක ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්