විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක්

ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මන්ත්‍රීවරයා, ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.

''මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීමයි. ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ  හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම්'' යයි අනුර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කිය.

(lankadeepa.lk - ආරියරත්න රණබාහු)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්