පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර හතළිහක පමණ කාලයක් කටයුතු කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ ගේ අවසන්

කටයුතු බැද්දගාන පොදු සුසාන භූමියේදී අද (08) පස්වරු 3.00ට සිදුකිරීමට නියමිතය.

මිය යන විට 69වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.

දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත.

දවස පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති ඔහු ඉන්පසු දිවයින පුවත්පතේ ද සේවය කිරීමෙන් පසු සිරස මාධ්‍ය ජාලයේ සිරස සහ වයි එෆ්.එම්. ගුවන් විදුලිවල ප්‍රවෘත්ති සංස්කාරක ලෙස දිගු කලක් සේවය කර තිබේ. පසුකාලීනව රන්දිව, ලංකාදීප, පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියකු ලෙසත් ලංකා ඊ නිව්ස් සහ මව්බිම වෙබ් අඩවියෙත් කටයුතු කර ඇත.

මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්