ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තීරණාත්මක දශකයක් වූ 80 දශකයේ සක්‍රීය දේශපාලනයට පිවිසි විවිධ මතවාදි කණ්ඩායම් හා පක්ෂ පිළිබඳ
විවරණයක් සහිතව එතෙක් මෙතෙක් ලාංකීය දේශපාලනය උණුසුම් කළ අවස්ථා පාදක කරගනිමින් බන්දුල චන්ද්‍රසේකර විසින් ලියූ " අසූවේ පරපුරෙන් සන්නද්ධව" ග්‍රන්ථය අද (09) දින බ්‍රහස්පතින්දා පස්වරු 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.
අසූවේ දශකයේ දේශපාලනයට බලපෑම් සහගත අතීත කරුණුත් ඇතුළත් ව ලියවී ඇති මෙම ග්‍රන්ථය තුළ විශේෂයෙන්ම මෙරට ජාතිකවාදී, වාමාංශික සහ මාධ්‍යමික දේශපාලන ප්‍රවණතා පිළිබදව මෙන්ම උතුරේ සහ දකුණේ ඇති වු සන්නද්ධ ගැටුම් ගැනද විවරණයක් සහිතය.
රටේ බෙදුම්වාදී ව්‍යාපාර දුර්වල කිරීමෙන් පසුව, පැවැති රජයන් රට සංවර්ධනයට යොමු කිරීමේ මුවාවෙන් සිදුකළ රාජ්‍ය ධනය මංකොල්ලය මෙන්ම යහපාලනය පිළිබඳ තැබූ ජනතා බලාපොරොත්තු බිඳ වැටීම ගැන මෙම ග්‍රන්ථයේ ලේඛකයාගේ අත්දැකීම් මත විවරණ කෙරී ඇත.
රටේ ආර්ථිකය බංකොලොත් වීම සහ ජනතා අරගලය පිළිබඳව මෙන්ම මෙම මූල්‍ය අර්බුදයෙන් මිදීමට ගත් ක්‍රියාමාර්ග තුළ රටේ ඉදිරි අනාගතය ගැන කරුණු දැක්වීමක් ද මෙහි සඳහන් වේ.
බන්දුල චන්ද්‍රසේකර වර්තමානයේ, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් වන අතර ඔහුගේ දශක 4 ට වැඩි දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම මූලික කරගනිමින් මෙම ග්‍රන්ථය ලියා ඇත.
අසූවේ පරපුරෙන් සන්නද්ධව ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සව සභාව අමතා දේශපාලන විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක දෙසුම් පවත්වනු ලැබේ.
සබැඳි පුවත් :
'අසූවේ පරපුරෙන් සන්නද්ධව' මැයි 09 එළිදකී