මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එහි නායක දිලිත් ජයවීර පවසයි.


අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවලංගු වී ඇති බව බොරැල්ල සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේය.

“අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්ය භාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනාත් අපි එකතු කර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයින්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග මුහුණ දීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා."

මව්බිම ජනතා පක්ෂය බිහි වුයේ මෙරට ඇති වු දේශපාලන රික්තය පිරිවීම සඳහා බව ද පක්ෂ නායකයා කියා සිටියේය.

“සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්. මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය කළේ.” යැයි පක්ෂ නායක දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ පැවතියේ එම පක්ෂයේ මංගල මාධ්‍ය හමුව වන අතර ඒ සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, උප සභාපතිනි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මහ ලේකම් රංජන් සෙනෙවිරත්න, ව්‍යවසායක උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස්, උප සභාපති ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් සහභාගි විය.

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්