මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සංචාරක වීසා මඟින් කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන ගොස් සිදු කරන මිනිස් ජාවාරමේ මහ

මොළකරුවකු බවට හඳුනාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරල් රණරාජ රණවක සහ විශ්‍රාමික සාජන් මේජර් සරත් විජේසිංහ යන දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළේය.

අංක 169, වෙළගොල්ල වත්ත, කුරුණෑගල ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික මේජර් ජෙනරල් දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක (59) සහ 03 වැනි පටුමඟ, මාවිදළුපත, යන්තම්පලාව, කුරුණෑගල පදිංචිකරුවකු වන විජේසිංහ මුදියන්සේලාගේ සරත් රම්‍යසිරි විජේසිංහ (66) යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

 විශ්‍රාමික මේජර් ජෙනරල් රණරාජ රණවක යුද හමුදාවේ කාලතුවක්කු බළකායේ සේවයේ නිරතව සිටි ප්‍රධානියෙකි. 

රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ ජාවාරම මෙහෙයවන්නන් අතර මොහු සිටින බවට තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්විය.

(dinamina.lk - කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල)

සබැඳි පුවත් :


යුක්රේන් යුදපිටියට කුලී හේවායන් යැවූ හමුදාවේ හිටපු ලොක්කෙක් මාට්ටු

කුලි හේවායන් වීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්