ජාතික ජන බලවේගයට එකතු වීමට කැමැත්තෙන් සිටින අනෙකුත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

ජාතික ජන බලවේගයට එකතු කර ගන්නේ එම මන්ත්‍රීවරුන් ජනතාව පිළිගන්නා බවට යම් සංඥාවක් ලැබුණොත් පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව පවසා ඇත්තේ, 'අනිද්දා' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ජාතික ජන බලවේගය හා එකතු වීමට කැමැත්තෙන් සිටින අනෙකුත් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් කර ගන්නවාද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

ජාතික ජන බල වේගය යනු දේශපාලන පක්ෂයකට එහා ගිය ජනතා ව්‍යාපාරයක් බැවින් ජාතික ජන බලවේගය හා එකතු වීමට වෙනත් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැමැත්තෙන් සිටිනවා නම් ඒ සඳහා ඔහුගේ කැමැත්ත පමණක් නොව ජනතාවගේ කැමැත්ත ද අත්‍යාවශ්‍ය බව ඇය සඳහන් කර තිබේ.

ජනතාව ප්‍රතික්ෂේප කරන අය සමග තම පක්ෂය කටයුතු නොකරන බවත් හොරකම් වලට සෘජුව සම්බන්ධ නොවූවත් හොරකම් කළ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි සහ හොරකම් කිරීමට ඉඩ දී බලා සිටි පුද්ගලයින් ද මේ මොහොතේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කරයි.

(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්