ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය

නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර ගොනු  කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මගින් පැවරු මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර නම් කර ඇත.

(lankadeepa.lk - රෝෂන් තුෂාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්