යෝජිත විදුලිබල පනතට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක ඉල්ලා තිබේ.


"එදා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ කිසිම ආයතනයක් පුද්ගලීකරණය කරන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපත්තියට තමයි එදා හැටනව ලක්ෂය කතිරය ගැහුවේ. ඒ ඡන්දය අරගෙන රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ තියලා කාංචන විජේසේකරලා එකතු වෙලා අපේ ජාතික විදුලිබල පද්ධතිය විජතිකකරණය කරනවා" යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ (MJP) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

විදුලිබල පනත විදුලිබල ඇමති කාංචන විජේසේකර පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ඔහුගේ උවමනාවට නොව ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මත බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

විදුලිබල පනත ගෙනල්ලා ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියේ අයිතිය ඉන්දියාව හරි වෙනත් ජවරම්කරයින් අතට රට යටත් කිරිමේ දම්වැලේ පුරුකක් බව ද ඔහු පැවසීය.

“ඒ නිසා මම කියන්න කැමති විදුලි හිගය නිසා නෙමේ මේ විකුණන්නේ, විදුලිබල මණ්ඩලයේ දුර්වලකම නිසා නෙමේ විකුණන්නේ. ඒ නිසා මේ පනත සහමුලින්ම ඇමතිට ඕන වැඩේ කර ගන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මේ පනත පයින් ගහලා දාන්න ඕන. මෙහෙම ගියොත් හෙට අනිද්දට කියයි ත්‍රිවිධ හමුදාවේ අඩුපාඩුකම් තියෙනවා දුෂණ වංචා තියෙනවා ඒ නිසා ඉන්දීය හමුදාවට ලංකාව භාර දෙන්න කියයි.”

රට විනාශ කිරීමට මේ ගේන පනත හකුලා ගනින් කියන සටන් පාඨය මව්බිම ජනතා පක්ෂ විසින් ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරුන්ගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක තවදුරටත් කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්