ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යංශයේ අසාධු ලේඛන ගතව සිටින ක්ෂුද්‍ර,

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හා කර්මාන්තකරුවන්ට යළි නඟා සිටුවීමට රුපියල් කෝටි 500ක ණය සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කොට ඇත.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන වලට රුපියල් ලක්ෂ පනහට නොවැඩි මුදලක් ගෙවිය යුතු ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් දහසක්  තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියන පහ බැගින් ණය සහන ලබාදීමට රජය කටයුතු කරනු ඇත.

මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් සහ ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ එය ආපසු ගෙවීමට හැකිවන ලෙස සහන සලසා දී ඇත.

මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් බිඳ වැටුනු ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2000ක මුදලක් වෙන්කර තිබේ.

එම මුදලින් මුල් අදියර සඳහා මෙලෙස රුපියල් කෝටි පන්සීයක් යොදා ගනිමින් මෙම කාරක ප්‍රාග්ධන ණය සහන පැකේජය මුදල් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය එකට එක්ව ක්‍රියාත්මක කරනු ඇත.

 

ඒ සඳහා රට පුරා විසිරී සිටින දැනට යම් තරමකින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් තෝරා ගැනීමේ මූලික කටයුත්ත ආරම්භ කොට ඇති අතර කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂක (ආංශික සංවර්ධන අංශය) වෙත තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස ව්‍යවසායකයින් දැනුවත් කොට ඇතැයි Ceylon Federation Of MSNE උප සභාපතිනී සශිකාද සිල්වා ප්‍රකාශ කළාය.

 

මෙලෙස ණය සහන පැකේජයක් ලබා ගනිමින් බිඳ වැටුණු ව්‍යාපාර නැංවිමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය සහ සැලසුම් කිරීමේදී ඒ සඳහා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ  සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රධාන නිළධාරීන් සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම තම සම්මේලනය ඇතුලු සියලු ආයතනික රාමුව සමග එක්ව කටයුතු කරන බවද ද ඇය පැවසුවාය.

මෙම ණය සහනය ලබා ගැනීම සඳහා සුදුස්සන් ඉල්ලුම්පත් කැදවා ස්වාධීන විද්වත් කමිටුවක් මගින් තෝරා ගන්නා අතර වඩාත් විනිවිද භාවයෙන් යුතුව සුදුස්සන්ටම මෙම පහසුකම පිරිනැමීමට ක්‍රියාකරන බවද උප සභාපතිනී සශිකාද සිල්වා සඳහන් කළාය.

(ජේ මුණසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්