පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික

කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එබව පැවසුයේ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නොතිබිය ගෙනඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව කී හඳුන්නෙත්ති, එම පනතට ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද කීය.

එම පනතින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව ඊට එරෙහිව ක්‍රියාකරන බවත් වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, එයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් කරන බවත් ඔහු පැවසීය.

(lankadeepa.lk - යොහාන් භාසුර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්