ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන 'ලංකා ජී විහාරය' ආරම්භ කොට මෙම මස 26 වැනි දිනට වසර 40ක් සම්පූර්ණ වේ.

ඒ නිමිත්තෙන් ජපානයේ කතෝරි නගරාසන්නයේ සවරා පළාතේ කෝගයිෂිමා පිහිටි ලංකා ජී විහාරයේ විශේෂ ආගමික වතාවත් සහ සැමරුම් උත්සවයක් පැවැත්වේ.

WhatsApp Image 2024 05 23 at 6.53.30 PM 2ජපානයේ ලංකා ජී විහාරස්ථානයේ දර්ශනයක්


ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.  

විහාරස්ථානයේ ආරම්භ කිරීමේ අතීතය මතකය පිළිබඳව අදහස් දක්වමින් බානගල උපතිස්ස නාහිමියෝ මෙසේ  ප්‍රකාශ කර සිටියහ.
WhatsApp Image 2024 05 23 at 6.53.27 PM
'' ජපානයේ මීට වසර 1941ට පමණ පෙර සම්පූර්ණයෙන්ම පැවතුණේ මහායාන බුදුදහමයි. 1984 මැයි 26 වෙනි දින ජපානය ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකා ජී විහාරස්ථානය මගේ ආරාධනාවෙන් එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී මේ වසරට වසර 40 කි.

වර්තමාන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ බොහොම දෙනෙක්ගේ හීනයක් තමයි ජපානයේ රස්සාවකට එන එක. ඒ වගේම මමත් ඒ කාලෙ බොහොම WhatsApp Image 2024 05 23 at 6.53.29 PM 1බානගල උපතිස්ස නාහිමියන්කැමැත්තෙන් තමයි හිටියේ ජපානේට එන්න. ඒ ඉගෙන ගන්න. මට ජපානයට එන්න මුලින්ම අවස්ථාව ලැබුණේ ජපන් භාෂාව ඉගෙන ගන්න. ඒ 1976 විතර.

ඊට පස්සේ මට හිතුනා ජපානයේ ළදරු අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න. මොකද ජපානයේ ළදරු අධ්‍යාපනය ඒ කාලෙත් ඉතාමත්ම දියුණු එකක්. නමුත් 1970-80 කාලේ ලංකාවේ ළදරු අධ්‍යාපනය ඒ කියන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය එහෙම ක්‍රමවත් එකක් නෙමෙයි. මම ජපානයට එනකොට මට අවුරුදු විසි හයයි. මම ළදරු අධ්‍යාපනය පිළිබඳව හදාරමින් ඉන්න කාලේ මට හිතුණා මට කවදා හරි මේ රටින් යන්න වෙනවා , ඒ යනකොට මේ රටේ ලංකාවේ නම පවතින දෙයක් කරලා, නොමැකෙන සිහිවටනයක් තියලා යන්න ඕනේ කියලා.

WhatsApp Image 2024 05 23 at 6.53.28 PM 1
පසුව මම කල්පනා කළා මට ඒ වගේ අදහසක් ආවේ ඇයි කියලා. මමත් අවුරුදු දොළහ ඉඳලා ධර්මපාල පරපුරේ කෙනෙක් හැටියට එතුමාගේ ජීවිතය, දර්ශනය, බලාපොරොත්තු පිළිබඳ ඉතාම ගැඹුරින් කියවලා හදාරලා තිබුණා. ධර්මපාලතුමා කිහිප වතාවක්ම (1889/1893) ජපානයට ඇවිල්ලා තිබුණා. කියෝතෝ, ඔසාකා, යෝකෝහාමා ටෝකියෝ වගේ නගර වල ජපාන බෞද්ධයන් හමුවුණා. අද වගේ නෙමෙයි ඒ කාලේ ඉතාමත්ම දුෂ්කර තත්ත්වයන් යටතේ නැවෙන් තමයි එතුමා ජපානයට ආවේ.

WhatsApp Image 2024 05 23 at 6.53.31 PM 2වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා ජී විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාව

 

බොහෝ අවස්ථාවල එතුමා දැඩි ලෙස අසනීප වුණා. ධර්මපාලතුමා ගිය යුරෝපය ඇතුළු බොහෝ රටවල්වල මහාබෝධි සමාගම ස්ථාපිත කළා, බෞද්ධ ආගමික වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් උන් වහන්සේට ජපානයේ ඒ වැඩ කටයුත්ත කරගන්න බැරි වුණා.

ජපානය සහ අපි අතර ආගමික සංස්කෘතික වශයෙන් ඉතා සමීප බැඳීමක් තිබුණත් ඇයි ධර්මපාලතුමාට මේ දේ කරගන්න බැරි වුණේ කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ කාලේ ධර්මපාලතුමා ජපානයට හිතවාදීව කතා කළ නිසා. ඒ නිසා ධර්මපාලතුමාට ලොකු සිහිනයක් තියෙන්න ඇති ජපානයේත් ථෙරවාදී බුදු දහම ස්ථාපිත කරන්න බෞද්ධ විහාරයක් පිහිටුවන්න. මොකද ජපානයේ විසිරී පැතිරී තිබෙන්නේ මහායාන බුදු දහම. 

WhatsApp Image 2024 05 23 at 6.53.29 PM 2

 ථෙරවාදී බුදුදහම ඒ කාලෙත් ජපානයේ තිබුණෙ නැහැ. ඉතින් මට හැම තිස්සෙම හිතුණේ ධර්මපාලතුමාගේ ඒ සිහිනය මම කොහොම හරි සැබෑ කරන්න ඕනේ කියලා. එහෙම හිතලා එතුමාට ගෞරවයක් ලංකාවට අභිමානයක් ඇති කරන, කවදාවත් අහෝසි නොවන සිහිවටනයක් ජපානයේ ඇති කරන්න ඕනේ කියලා මම අධිෂ්ඨානයක් ගත්තා.


ඒ නිසා මම ජපානයට ඇවිල්ලා ටික කාලයක් යනකොට හිතුවා ඉතාම දුෂ්කර වැඩක් වුණත්, ජපානේ වගේ රටක විදේශිකයෙක්ට කරන්න හිතන්නවත් බැරි ඒ ඉලක්කයට මම යන්න ඕනේ කියලා. කෙනෙක්ට කරන්න ඕනේ කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ, කියලා මම හිතුවා. කොහොම හරි අපේ රටේ ථෙරවාදී බෞද්ධ විහාරයක්, ජපානයේ කොහොම හරි ස්ථාපිත කරනවා කියලා මම හිතා ගත්තා. මම අධ්‍යාපනය ලබන කාලයේ නතර වෙලා හිටියේ මට ජපානයට එන්න සියලු මාර්ග විවර කර දුන් ජපානයේ මගේ අම්මා වුණ යොෂිඩා මැතිනියගේ නිවසේ.

WhatsApp Image 2024 05 23 at 6.53.28 PM 2
ඇත්තටම භික්ෂුවක් හැටියට මට අවශ්‍ය වුණා වෙනම ජීවත් වෙන්න. ඒක පිළිගත්ත යොෂීඩා මැතිනිය ඒකට මට උදව් කරන්න එකඟ වුණා. යොෂිඩා මැතිනියගේ ගෙදර ඉන්න කාලෙදි ජපානයේ බෞද්ධ උගතුන්, භික්ෂූන් වහන්සේලා සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් ඇය මට හඳුන්වා දුන්නා. ඇය මට කිව්වේ "මට දකින්න අවශ්‍යයි ඔබ ඔබගේම තැනක් ජපානයේ ගොඩනගා ගැනීම "කියලා.

ඒ අනුව මම Kitakoiwa Edogawa - ku වල කුඩා නිවසක් කුලියට ගත්තා. ඒක මට වඩා පහසු තැනක් වුණා. මම බුදුපිළිම වහන්සේ නමක් වැඩමවා එහි තැන්පත් කර ආගමික වතාවත් කිරීම ආරම්භ කළා. ජපානයේ සිටි බොහෝ ලාංකිකයන් සහ මගේ ජපන් මිතුරන් එතනට එන්න පුරුදු වුණා.

WhatsApp Image 2024 05 23 at 6.53.29 PMජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා විවෘත කිරීම
ජපානයේ ශ්‍රී ලංකා විහාරයක් බෞද්ධ මධ්‍යස්ථානයක් ගොඩනැගීම පිළිබඳව ඒ කාලේ හිටිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව දැනුවත් කරලා තිබුණා. නමුත් මට එතුමා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. මේ කාලේ අධ්‍යයන කටයුතුවලට ඇවිල්ලා හිටිය ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ නතර වෙලා හිටියා. උන්වහන්සේගේ මගපෙන්වීම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැඳවා ගෙන විත් විහාරස්ථානය විවෘත කිරීම සිදුකළා.

( ජේ. මුණසිංහ)

 

BWhatsApp Image 2024 05 23 at 6.53.31 PM 1

WhatsApp Image 2024 05 23 at 6.53.31 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්