leader s

පසුගිය 14 සහ 15 යන දිනවල ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනයේ පල්ලියකදී

පවත්වන ලද දේව මෙහෙයක් නිසා 150 කට අධික පිරිසක් COVID-19 වෛරසයට නිරාවරණය වන්නට හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියි.

එම දේවගැතිවරයාට මේවනවිට වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. එසේම පල්ලියේ දේව මෙහෙය පැවැත්වීමට පෙර එම දේවගැතිවරයා මෙන්ම ඔහු සමඟ උත්සවයට සහභාගී වී සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ කතා කළ මාධ්‍යවේදියෙකු අප වෙත මෙසේ පැවසිය.

''මම චාල්ස් ආණ්ඩුකාරවරයා සමඟ කතා කළා. ඇය මෙසේ පැවසුවා. දේවගැතිවරයා ඉරිදා දින සේවය සදහා පැමිණීමට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවූ නමුත් එය නොතකා පල්ලියට පැමිණ සිටියා. ඉන්පසුව එම පල්ලියේ දේවගැතිවරයා හරහා එදින සේවයට පැමිණි සියලු පුද්ගලයින්ගේ නම් ලැයිස්තු ලබා දෙන ලෙස ඔහුට බල කළා.

පෙනෙන විදිහට දේවගැතිවරුන් සමඟ සිටි තිදෙනෙක් වෛරසය ආසාධනය වී ඇතැයි සැක කරන අතර පරීක්ෂණ වලින් එය තහවුරු කරන තෙක් ඇය බලා සිටිනවා. පල්ලියට පැමිණි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ සිසිටිවී (CCTV) දර්ශන වහාම ඉදිරිපත් කරන ලෙස ඇය නියෝග කර තිබුණා.

එසේම පොලිසිය එම පල්ලියේ දේවගැතිවරයාගේ නිවසට ගොස් පල්ලියේ සියලු සාමාජිකයින් කැඳවන මෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් නිරෝධායනය ක්‍රියාවලියකට යොමු කිරීම උදෙසාය.

 මෙම පුවත සැලවීමත් සමගම ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත්, ප්‍රධාන වශයෙන් උතුරේ රෝහල්වල නිසි පරිදි කාර්ය මණ්ඩල නැති නිසා මෙමගින් විශාල ගැටලුවක් පැනනගින නමුත් එය පාලනය කිරීමට ඇය උපරිම උත්සාහයක් ගන්නා බවට ආණ්ඩුකාරවරයා පැවසුවා.

එදින පල්ලියට පැමිණි බොහෝ පුද්ගලයින් සමග කිට්ටු වෙමින් ඔවුන් වැලඳගෙන ඇති අතර ඔවුන්ට පවසා ඇත්තේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්