The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද?

T

The Leader Desk

March 24, 2020 • 4:31 AM

   කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයෝ දිවා රෑ සටනක යෙදී සිටිති.
  • එසේනම්, නව කොරෝනාවෛරසයට අභියෝග කළ හැකි ඒ ඖෂධය හෝ එන්නත මේ වනවිට ඇත්තේ තව කෙතරම් ඈතින් ද?
  • පෙර නොවූ විරූ තරම් වේගයකින් පර්යේෂණ සිදු වෙමින් ඇත.
  • මේ වනවිට එන්නත් 20ක් පමණ සකස් කර වර්ධනය කරමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයෝ දිවා රෑ සටනක යෙදී සිටිති. එසේනම්, නව කොරෝනාවෛරසයට අභියෝග කළ හැකි ඒ ඖෂධය හෝ එන්නත මේ වනවිට ඇත්තේ තව කෙතරම් ඈතින් ද?

කොරෝනාවෛරස එන්නත බිහිවන්නේ කවදාද?

පෙර නොවූ විරූ තරම් වේගයකින් පර්යේෂණ සිදු වෙමින් ඇත. මේ වනවිට එන්නත් 20ක් පමණ සකස් කර වර්ධනය කරමින් පවතී. ඉන් එක් එන්නතක් මිනිස් දේහය මත අත්හදා බැලීම මේ වනවිටත් ආරම්භ වී ඇත.

සාමාන්‍යයෙන් එන්නතක් මුලින්ම අත්හදා බැලෙන්නේ සත්ව දේහ මතය. නමුත් මෙම එන්නත එම සම්ප්‍රදාය බිඳ ඇත.

MW IB594 COVIDl ZH 20200305152109
එහි ආරක්ෂිතභාවය හෝ සඵලත්වය මුලින්ම සත්ව දේහ තුළ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කාලය වැය කළේ නැත. එය කෙලින් ම අත්හදා බැලෙන්නේ මිනිස් සිරුර තුළම ය.

නව කොරෝනාවෛරසය සඳහා සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත් සියල්ල ම මේ වන විට පවතින්නේ සත්ව දේහ තුළ අත්හදා බලමින් පවතින අවධියේ ය. ඒවා මිනිස් දේහය තුළ අත්හදා බලා එහි ප්‍රතිඵල ලබා ගැනීමට යම් කලක් ගතවන නමුත් එය මේ වසර තුළදී ම සිදු වීමට නියමිතය.

මේ වසර තුළදී ම නව කොරෝනාවෛරසයට එන්නතක් සොයා ගැනීමේ ප්‍රීතිය සැමරීමට විද්‍යාඥයින්ට හැකියාවක් ලැබුනත්, එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම විශාල අභියෝගයකි.

ඒ අනුව බලන කල, නව කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් ලබන වසරේ මැද භාගයට පෙර සුදානම් වේයැයි සිතීම යථාර්ථවාදී නොවිය හැක.


''නව කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් ලබන වසරේ මැද භාගයට පෙර සුදානම් වේයැයි සිතීම යථාර්ථවාදී නොවිය හැක.''


කෙසේ වෙතත්, මේ සියල්ල සිදු වන්නේ පෙර කවරදා හෝ සිදු නොවූ වේගයකිනි. පෙර අත් නොදුටු ක්‍රියාදාමයන් යොදා ගනිමිනි. එහෙයින් සියල්ල සුමටව සිදුවනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත.

මේ වන විට වෙනත් කොරෝනාවෛරස හතරක් මිනිස් සිරුරු තුළ සංසරණය වෙමින් පවතින බව අමතක නොකළ යුතුය. එම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන අතර ඒ සඳහා ද තවමත් එන්නතක් අප සතුව නැත.

මෙම එන්නතින් සෑම වයස් කාණ්ඩයක් ම ආරක්ෂා වේද?

බොහෝ විට මෙය වයස්ගත පුද්ගලයන් මත එතරම් සාර්ථක නොවිය හැක. මෙය එන්නතේ වරදක් නොවේ. සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයන් සතු ප්‍රතිශක්තිය එන්නත් සඳහා හොඳින් ප්‍රතිචාර නොදක්වයි.


මෙහි අනර්ථකාරී අතුරුඵල වේද?


සෑම ඖෂධයකම අතුරුඵල පවතී. බහුලව භාවිත කෙරෙන වේදනා නාශකයක පවා තත්වය එසේමය.

A stock photo of a Nurse preparing a vaccination
කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරුඵල පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

එන්නත මුලින්ම ලැබෙන්නේ කාටද?


එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාවය තීරණය කළ යුතුව පවතී.

කොවිඩ් - 19 රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් ම සිටිනු ඇත.

නව කොරෝනාවෛරසයේ බලපෑම මාරාන්තික වී ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට ය. මෙම එන්නත එම වයස් කාණ්ඩයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නේ නම් ඔවුන්ට ද ප්‍රමුඛතාවය හිමි වනු ඇත.

කෙසේ නමුත්, වයස්ගත පුද්ගලයන් සමඟ වාසය කරන්නන් හෝ ඔවුන් රැකබලා ගන්නා උදවියට මෙම එන්නත ලබා දීම වඩා යහපත් විය හැක.


ඖෂධයක් සොයා ගනීවිද?

දැනට පවතින ප්‍රති වෛරස ඖෂධ වර්ග නව කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව වෛද්‍යවරු පරීක්ෂා කරමින් සිටිති.

මෙම ඖෂධ මිනිසාට ලබා දීම ආරක්ෂිත බවට කලක සිට තහවුරු කර ඇති බැවින් එම පර්යේෂණ ඉතා කඩිනමින් සිදු කළ හැකිය.

කොවිඩ් - 19 වෛරසයේ බලපෑමට ලක් වූ රටවල වෛද්‍යවරු මෙම අත්හදා බැලීම් සිදුකරගෙන යති. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය බ්රුස් අයිල්වාර්ඩ් පවසන පරිදි විශ්වාසය තැබිය හැක්කේ එක ඖෂධයක් ගැන පමණි.

"ඇත්තටම ඵලදායී විය හැකි බවට හිතන්න පුළුවන් එක බෙහෙතයි තියෙන්නේ; ඒක තමයි Remdesivir නමැති ඖෂධය," ඔහු පැවසීය.

එය නිපදවා ඇත්තේ ඉබෝලා රෝගය වෙනුවෙනි. නමුත් එමගින් තවත් බොහෝ වෛරස මරා දැමිය හැකි බව පෙනී යයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව සිදු කෙරුණු අත්හදා බැලීම්වල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත.


මැලේරියා ඖෂධය:


එමෙන්ම HIV සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධ දෙකක් (lopinavir and ritonavir) ගැන වැඩි බලාපොරොත්තුවක් පැවතුනි. නමුත් සායනික ප්‍රතිඵල අපේක්ෂා බිඳ දමන සුළුය.

එම ඖෂධ දෙවර්ගය ලබා දීම තුළින් සුවය ලැබීමේ ප්‍රවනතාවය වර්ධනය නොවීය; මරණ අඩු නොවීය; රෝගීන්ගේ සිරුර තුළ පැවතුණු කොවිඩ් -19 වෛරස ප්‍රමාණය හෝ අඩු නොවීය.

කෙසේ නමුත් මෙම ඖෂධ දෙවර්ගය ලබා දී ඇත්තේ අතිශය අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට ය. එම නිසා මෙම ඖෂධයේ ප්‍රතිඵල ලබන්නට එය ප්‍රමාද වූවා වැඩි විය හැක.

තවත් ලාබදායී, පැරණි ඖෂධයක් ගැන යම් බලාපොරොත්තුවක් පවතී. ඒ මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති ඖෂධයයි.

එමගින් කොවිඩ් -19 වෛරසය මරා දමන බවට රසායනාගාර පරීක්ෂණ තහවුරු කර ඇත. නමුත් රෝගීන් මත කෙරුණු අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටිය යුතුය. එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක මෙම අත්හදා බැලීම් සිදුවෙමින් පවතී.


(බීබීසී සිංහල සේවය)
 
 
අවධානයට ලක්විය යුතු පුවත් :

 කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක්

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි

කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න !

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

 කටකතාවලට රැවටෙන්න එපා !

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද? | The Leader