leader s

'කොරෝනා' හෙවත් කෝවිඩ්-19 වෛරසයට ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගන්නා තුරු 'සමාජ දුරස්ථභාවය සදහා වන ක්‍රියා මාර්ගය ඉවත් කිරීම
ඉතා අවදානම් සහගත බව හොංකොං විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්‍යේෂණයකින් ලෝකයට අනතුරු අගවයි.
 
චීනය දැඩි ලෙස ක්‍රියාත්මක කළ සමාජ දුරස්ථභාවය පිළිබඳ වැඩ පිළිවෙල හේතුවෙන් එරට කොරෝනා තත්ත්වය පාලනය වුවද, ප්‍රතිජීවක එන්නතක් නොමැති පසුබිමක සාමාන්‍ය ලෙස මිනිසුන් එකට ගැවසීම ආරම්භ වුවහොත්, යළි චීනයේ කොරෝනා පැතිර යාම අනිවාර්යයෙන් සිදුවන බව එම පර්‍යේෂකයන් පෙන්වා දෙයි.
 
මෙම පර්‍යේෂණයට අදාල වාර්තාව 'ලැන්සෙට් වෛද්‍ය ජර්නලයේ' පළ කර ඇත. 
 
මෙම පර්‍යේෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ 'ද ගාර්ඩියන්' පුවත් පත වෙත අදහස් දක්වා ඇති එම පර්‍යේෂණයේ සම පර්‍යේෂකයෙකු වන හොං කොං සරසවියේ මහාචාර්ය ජෝශප් ටී. වූ සදහන් කරන්නේ, ප්‍රතිජීවක ඖෂධයක් නොමැතිව ජනයා යළි සාමාන්‍ය ලෙස ඒකරාශි  වීමට ඉඩ හැරියොත් මෙය පාලනය කළ රටවල ඉතා වේගයෙන් කොරෝනා වෛරසය පැතිර යාම යළි ආරම්භ වන බවයි.
 
 
 
''මෙම වෛරසය වැඩි වශයෙන් පැතිරී ඇත්තේ රෝග ලක්ෂණ පහළ නොකරන රෝගීන්ගෙන්'' 
 
මේ තත්ත්වය හමුවේ නිවසේ සිට වැඩ කිරීම වැනි විවිධ ක්‍රමෝපායන් රටවල් විසින් සිය ආර්ථික කටයුතු දිගට පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, කම්හල්, වෙළද සැල්, කාර්‍යාල විවෘත කොට පවත්වා ගෙන ගියහොත් හෝ ජනයා එළිමහනේ රංචු ගැසීම ආරම්භ වුවහොත්, වෛරසය පැතිරීම පාලනය කර ඇති තත්ත්වය ඉතා පහසුවෙන් විනාශ වී යා හැකි බවද මහාචාර්ය ජෝශප් වූ පෙන්වා දෙයි.
 
ඒ අනුව, ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගන්නා තුරු මොනම තත්ත්වයක් යටතේ වත් මිනිසුන් ඒකරාශි වීමට ඉඩ හැරීම ඉතා අනතුරුදායක බවද, එම පර්‍යේෂකයන් දැඩිව අවධාරණය කරයි.
 
මෙම වෛරසය වැඩි වශයෙන් පැතිරී ඇත්තේ රෝග ලක්ෂණ පහළ නොකරන රෝගීන්ගෙන් වීම ද මෙම අවදානම දැඩි කරයි.
 
ඒ සම්බන්ධයෙන් 'ද ගාර්ඩියන්' පුවත් පත් වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියට අදාල දිගුව පහත දැක්වේ.
  
මුලාශ්‍ර පුවත :
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්