leader s

දකුණු කොරියාවේ කොරෝනා ආසාදනය වී සුව වූ රෝගීන් 91 දෙනෙකුට බාහිර බෝවීමකින් තොරව පසුගිය සතිය තුළදී නැවත

කොරෝනා නැවත වැළදීම නිසා කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී ඇති බව පැහැදිලිව පෙනී යන්නේ යයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

දෙවන රැල්ලේදී වෛරසය සිය ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කර ගනිමින්, මීට වඩා දරුණු ලෙස ව්‍යාප්ත වන බව පරියේෂකයින් පෙන්වා දෙයි.

"මෙය ආරම්භය පමණයි", මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ද. කොරියානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජියොන් උන්-කියොන් පවසයි. 

"මෙය කොරෝනා වෛරසය නැවත ක්‍රියාත්මක වීමක්. මේ අයට බාහිරයෙන් බෝවෙලා නෙමෙයි, ඇග ඇතුළෙන්ම හැදිලා. මේක පටන් ගැන්ම පමණයි" යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජියොන් උන්-කියොන් පවසයි.

වැඩිදුරටත් තොරතුරු සඳහා :

South Korea reports recovered coronavirus patients testing positive again

Another 40 patients 'cleared' of coronavirus test POSITIVE for Covid-19 again in South Korea, bringing total 'reactivations' to 91


'කොරෝනා පාලනයට පැන වූ සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්න' - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

WHO chiefලොක් ඩවුන්' කලින් ඉවත් කළොත් ප්‍රතිපලය මාරාන්තිකයි!  - ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් කියයි 

මේ අතර ඊයේ (10) රාත්‍රී ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් ලෝකයට අනතුරු අගවමින් සදහන් කළේ "වේලාසනින් සමාජ දුරස්ථභාවය (ලොක් ඩවුන්) ලිහිල් කළහොත්, ප්‍රතිපලය මාරාන්තික විය හැකි" බවයි. 

"රටේ කොතරම් ආර්ථික ගැටළු තිබුණත්, නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ලෝකයේ සියලු රටවල බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් රටවල නව කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට මන්දගාමී වෙමින් තිබෙන නමුත්, සීමා ලිහිල් කිරීමට හදිසි වුවහොත් නව කොරෝනා වෛරසය යළි මාරාන්තික ලෙස නැගිටිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

''ඇතැම් රටවල නව කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට මන්දගාමී වෙමින් තිබෙන නමුත්, සීමා ලිහිල් කිරීමට හදිසි වුවහොත් නව කොරෝනා වෛරසය යළි මාරාන්තික ලෙස නැගිටිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.''

ඒ අනුව දරුණු ආර්ථික ගැටලූ ඇති වුවද පනවන ලද සීමා තවදුරටත් පවත්වාගත යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පැවසුවේ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම තර්ජනයට ලක්ව තිබෙන ඉතාලිය සහ ස්පාඥය පනවා ඇති ඇතැම් සීමා ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටියදීය. 

''ඉතාලිය සිය සමාජ දුරස්ථභාවය පිළිබඳ නියෝග මැයි මස 3 වනදා තෙක් වහා දීර්ඝ කරයි''

ගතවූ පැය 24තුළද ස්පාඥයෙන් නව කොරෝනා මරණ 634ක් සහ ඉතාලියෙන් නව කොරෝනා මරන 570ක්  වාර්තා විය. 

ලෝකයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් ගනනක් හදුනාගෙන තිබෙන අමෙරිකාවෙන් ගතවූ පැය 24දී වාර්තාවූ නව කොරෝනා මරන ගනන 2,043කි.

මේ අනුව, ඉතාලිය සහ අයර්ලන්තය සිය සමාජ දුරස්ථභාවය පිළිබඳ නියෝග මැයි මස 3 වනදා තෙක් වහා දීර්ඝ කර ඇති අතර, දකුණු අප්‍රිකාවේ දින 21 ක් පැවති 'ලොක් ඩවුන්' කාලය තවත් සති දෙකකට දීර්ඝ කරන ලදී.

හොං කොං පරියේෂකයන්ගේ වාර්තාව : 

සමාජ දුරස්ථභාවය සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පරියේෂණයක ප්‍රතිපල නිකුත් කරන හොං කොං විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් කියා සිටින්නේ "වේලාසනින් එම රෙගුලාසි ලිහිල් කළහොත් ඉතා දරුණු තත්ත්වයක් ඇති වීම වැළක්විය නොහැකි බවයි."

වැඩි දුරටත් තොරතුරු සඳහා,

Articleswww.thelancet.com Published online April 8, 2020   https://doi.org/10.1016/S0140-6736(20)30746-71First-wave COVID-19 transmissibility and severity in China outside Hubei after control measures, and second-wave scenario planning: a modelling impact assessmen

https://www.thelancet.com/pdfs/journals/lancet/PIIS0140-6736(20)30746-7.pdf

මේ අතර ලෝක ප්‍රකට 'ද හිස්ට්‍රි' "The History Channel" පෙන්වා දෙන්නේ මිලියන 20-50 අතර පිරිසක් මියගිය 1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ උණෙන් වැඩිම පිරිස මිය ගියේ 'දෙවන රැල්ලේදී' බවයි.

ස්පාඤ්ඤ උණ ගැන History channel හි පළවු පුවත මෙන්න 

 Why the Second Wave of the 1918 Spanish Flu Was So Deadly

''20 වැනිදායින් පසුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අවධානයක් යොමුව තියනවා'' - බැසිල් කියයි 

BASIL 800x533''බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ'' - 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ 

මේ අතර අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී, 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසන්නේ, කොරෝනා අධි වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව පදිංචි වී සිටින පිරිසට සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමට අවස්ථාව උදා නොවන බවයි.

කොළඹ, ගම්පහ, කළුතර දිස්‍ත්‍රික්කවල තාවකාලිකව පදිංචි ලක්ෂ පහළොවකට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා තිබේ. 

එහෙත් පවතින තත්ත්වය අනුව වෙනදා මෙන් එක බස් රථයක ගමන් කළ මගීන් ප්‍රවාහනයට බස් රථ තුනක්වත් යෙදවිය යුතුව තිබේ. 

මීට අමතරව මෙම ප්‍රදේශවලින් පිට පළාත්වලට යන ජනතාව නිවසේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්කරන අතර ඒ අතර කොරෝනා ආසාදිතයකු සිටියහොත් ඉන් සිය පවුලේ සාමාජිකයන්ට එතැනින් සිය ඥාතීන්ටත් වැලඳී පසුව ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ තත්ත්වයෙන් පවත්වාගෙන ගියහොත් ලබන 20 වැනිදායින් පසුව කොටස් වශයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අවධානයක් යොමුව ඇති බවද ඔහු කියා සිටියේය.

සබැඳි පුවත් :

අප්‍රේල් 19 ශ්‍රී ලංකාව කොරෝනාවෙන් තොර රටක් : ප්‍රකාශයට පත් කිරීම 26දා මහ ඉහලින් !  මහ මැතිවරණය ජුනි 02කට පෙර  : ආණ්ඩුව දැඩි තින්දුවක !


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්