leader s

මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කරන්නැයි මැතිවරණ කොමිසමට හා එහි සභාපතිවරයාට ආණ්ඩුවේ පාර්ශව වලින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වාර්තාවේ.

එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය වලිනි.

සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර උපුටා දක්වමින් Lanka Lead News වාර්තා කර ඇත්තේ, ''මැතිවරණ කොමසාරිස් වසංගත රෝග විශේෂඥයෙකු හෝ නීති විශේෂඥයෙකු නොවේ-ඔහුට පුද්ගලිකව හිතෙන හැටියට කටයුතු කරන්න බැහැ'' කියාය.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් 'දිවයින ඊ' පුවත්පතට කරන ලද ප්‍රකාශය අනුව ඔහුට මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බව ප්‍රකාශයට පත් වී ඇතැයි පවසන 'ලංකා ලීඩ්' වෙබ් අඩවිය, ඒ පිළිබඳව ගුණදාස අමරසේකර ගේ මතය විමසීමේදී එසේ පවසා ඇත.

 මැතිවරණ කොමසාරිස් වරයා වසංගත රෝග විශේෂඥයෙකු හෝ නිති විශාරදයෙකු නොවන බැවින් ඔහුට නීතියෙන් පැවරී ඇති වගකීම ඉටුකිරීම සඳහා පුද්ගලික මතය අනුව කටයුතු කළ නොහැකි බව පවසන ගුණදාස අමරසේකර තවදුරටත් මෙසේද කියා සිටියි.

''ඒ සඳහා ඔහු නීතිපතිවරයාගේ සහ වසංගත රෝගයට අදාළ නිල බලය සහිත සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් විමසා සුදුසු දිනයක් තේරිය යුතුයි. වසංගතයකින් රටක් අවසන් වෙන්නේ නැහැ.

ඊට මුහුණ දීම සඳහා නිලධාරීන්ට ආත්ම ශක්තිය තිබිය යුතුයි. ඒ මොනවා උනත් ‍ඔහුට නීතියට පිටින් වැඩ වැඩ කරන්න බැහැ. නිතියට අනුව ඔහු මැතිවරණ පැවැත්වෙන සුදුසු දිනය සඳහන් කොට නිවේදනයක් නිකුත් කළ යුතුයි.'' 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්