කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය නැවත සමාලෝචනය කිරීමට
සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වී ඇතැයි වාර්තාවේ.
ඒ, ඊයේ (15) දින මෙම තීරණය ගැනීමට අදාල වන සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වෛද්‍යවරුන් සහ භූමදානය කිරීම සම්බන්ධයෙන් යෝජනා කළ විශේෂඥ වෛද්‍යවරුන් අතර පැය තුනක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
රජයේ පාර්ශවයෙන් මෙම සාකච්ඡාව සදහා කොරෝනා මෘතදේහයන් සම්බන්ධයෙන් දැනට පවතින නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සහ අධිකරණ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් ද, භූමදානය කිරීම මහජන සෞඛ්‍යයට හානි නොවන බවට කරුණු දැක්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුනන් ඇතුළු කණ්ඩායමක් ද සහභාගී වී ඇත.
භූමදානය මහජන සෞඛ්‍යය හානි නොවන බවට විද්‍යාත්මක කරුණු දැක්වීම සදහා වූ වෛද්‍ය කණ්ඩායමට මහාචාර්ය රිස්වි ෂෙරීෆ්, මහාචාර්ය ෂෙරීෆ්ඩීන්, මහාචාර්ය හනීෆා, මහාචාර්ය ප්‍රනාන්දු, මහාචාර්ය ඒකනායක, අසාද් අලි සහ ජනාධිපති නීතිඥ ඉල්ලියාස්, රසීක් සරූක් ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබේ.
මෙම රැස්වීමේදී කොරෝනා රෝගීන් සහ කොරෝනා රෝගය වැළදුණු බවට සැක කරන තැනැත්තන්ගේ මෘතදේහයන් ආදාහනය කිරීමට පමණක් රජය මේ වන විට ගෙන ඇති තීරණයට පදනම් වූ හේතු සම්බන්ධයෙන් එම නිර්දේශ කෙටුම්පත් කරන කණ්ඩායම වෙනුවෙන් වෛද්‍ය පතිරණ ඇතුළු කණ්ඩායමක් කරුණු දක්වා ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ කෝවිඩ්19 වෛරසය නව වෛරසයක් බැවින් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවම වාර්තා වී නැති බැවින් ආරක්ෂිත පියවරක් ලෙස මෘතදේහයන් ආදාහනය කිරීම සදහා පමණක් නිර්දේශ ඉදිරිපත් කළ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් 182 ක ස්ථාවරය :

එහෙත්, මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති රජයේ නොවන පාර්ශ්වයේ විශේෂඥ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ බැක්ටීරියාවක් සජීවී නොවන මාධ්‍යයක් තුළ පැතිරිය හැකි වුවද, වෛරසයක් ඒ ආකාරයට පැතිරීමට නොහැකි බවයි.
එසේම මෙම ස්ථාවරය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් 182 ක ස්ථාවරය බව ද එම කණ්ඩායම පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම තීරණය මුස්ලිම් ජන කොට්ඨාශයේ ආගමික සහ සංස්කෘතික හැගීම් වලට සංවේදී නොවී ගත් තීරණයක් බව පෙන්වා දී ඇති රජයේ පාර්ශවයේ නොවන විශේෂඥ කණ්ඩායම, විද්‍යාත්මක කරුණු සහ සමාජ කරුණු ද සැලකිල්ලට ගැනීමේදී කොරෝනා වැළදුණු හෝ සැක කරන මෘතදේහයන් ලෝක සෞඛ්‍ය සංවිධානය නියම කර ඇති නිර්දේශ වලට අනුකූලව භූමදානය කිරීමෙන් හානියක් නොවන බව ද පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇති සහ ඉදිරියේදී අනාවරණය වන විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින් කොරෝනා මෘතදේහයන් ආදාහනය කිරීමට පමණක් ගෙන ඇති තීරණය නැවත සමාලෝචනය කිරීමට රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වෛද්‍යවරුන් ගේ කණ්ඩායම එකග වී ඇත.
එහෙත්, අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා දිගින් දිගටම පවසා ඇත්තේ, කොරෝනා මෘතදේහයන් ත්‍රස්තවාදීන් විසින් ජීව විද්‍යාත්ම අවියක් ලෙස භාවිතා කළ හැකි බවයි. මේ මතයෙහි ඇති අවිද්‍යාත්මක පදනම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම සෙසු විශේෂඥයන් සිනහා පළකර ඇතත් වෙනත් අදහසක් ඉදිරිපත් කර නැතැ යි දැන ගැනීමට තිබේ.
(ජායාරූප අන්තර්ජාලයෙනි.)
සබැඳි පුවත් :
මුස්ලිම් විරෝධී වලදැමීම් හා වෛර කතා නවතන පියවර ගන්නා මෙන් එක්සත් ජාතීහු ඉල්ලති






