නිවාඩු ලබා පැමිණි සිටි පොලොන්නරුව පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා ආසාධිත වී ඇතැයි හදුනා ගැනීමෙන් පසු පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්
ගම්මාන 12ක් හුදෙකලා කර ඇත.
ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබේ.
පොළොන්නරුව ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා වෛරසය ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙකි.
මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා විද්‍යුත් අංශයේ සේවය කරනු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේය.
මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
# නාවික හමුදා සෙබළාට කොරෝනා ආසාධනය වූ හැටි හෙළිවී නැහැ
# වැලිසර නාවික හමුදා කඳවුරේ විශේෂ සෞඛ්‍ය වැඩපිළිවලක්
එලෙස රෝහල් ගත කළ නාවික හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඊයේ (22) සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
ඒ අනුව මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින අතර අවශ්‍ය සියලු සහයෝගය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසිය.
එමෙන්ම මෙම සෙබළාට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය ගැන මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව වාර්තාවේ.
ඊයේ කොරෝනා ආසාදිතයින් 20ක් : මුළු සංඛ්‍යාව 330ක් වේ
මේ අතර කෝවිඞ්-19 හෙවත් නව කොරෝනා ආසාධිත තවත් පුද්ගලයින් 07 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් ඊයේ (22) රාත්‍රීයේ හදුනා ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය තුළ පමණක් හදුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 20 දෙනෙකි.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හදුනාගෙන ඇති නව කොරෝනා ආසාධිත මුලූ පුද්ගලයින් ගණන 330 දෙනෙකු වේ.
ඔවුන්ගෙන් 105 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාධිතයින් ගණන 218 දෙනෙකි.
මීට අමතරව නව කොරෝනා ආසාධිත බවට සැකකෙරෙන 148 දෙනෙකුද තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කොළඹ අවදානම් කලාපයෙන් 07ක් පැනලා - යාපනයේදී අනාවරණය වෙයි
කොරෝනා අධි අවධානම් කලාපය ලෙස නම් කොට ඇති කොළඹ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ලොරි රථවල නැගී අදාළ පිරිස අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
අදාළ පිරිස සහ ඔවුන් යාපනය වෙත රැගෙන පැමිණි ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර කොළඹ වසා දමා තිබු ප්‍රදේශවල රැඳී සිට හොර රහසේ පැමිණි පිරිස යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවද ආනාවරණය කොටගෙන ඇත.
(නෙත් නිව්ස්)






