පොල් වගාව සහ කර්මාන්තය දියුණු කිරීම සඳහා ආනයනික ෆාම් තෙල් වලට බදු පැනවීම නව රජය විසින් ගත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව පවසන 'ජාතික සංවිධාන එකමුතුව', ජාවාරම්කාර ව්‍යාපාරකයින් කිහිප

දෙනෙකුට යටවී එසේ පැනවූ බදු පහත නොදමන්නැයි රජයෙන් ඉල්ලා සිටියි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීමට සුවිශාල මතවාදී කාර්යභාරයක් සිදු කළ මෙම ජාතික සංවිධාන පවසන්නේ, 'ඩෙසිකේටඩ් කොකනට්' හෙවත් වියළි පොල් අපනයනය කරන ව්‍යාපාරකයින් කිහිප දෙනෙකු විසින් මේ වන විට රජය විසින් ඉහළ දමා ඇති ෆාම් තෙල් සඳහා පැනවූ ආනයන බදු නැවත පහළ දැමීමට බලපෑම් කරමින් සිටින බවයි.

ෆාම් තෙල් වල ආනයන බදු ඉහළ දැමිය යුතු බවට මෙම 'ජාතික සංවිධාන' කාලයක් තිස්සේ ම කරුණු ඉදිරිපත් කර  තිබිණ. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන විමල් විරවංශ අමාත්‍යවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණේ' න්‍යායාචාර්ය වරයා වන වෛද්‍ය වසන්ත බණ්ඩාර lankaleadnews.com වෙත මෙසේ පවසා ඇත.

''ආනයන අධෛර්‍යමත් කරලා දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා තිරිඟු පිටි කිරි පිටි සහ ෆාම් තෙල් වල ආනයන බදු ඉහළ දැමිය යුතු බව ජාතික සංවිධාන, ගොවි සංවිධාන සහ කර්මාන්තකරුවන් විසින් ඉල්ලා සිටින්නේ අවුරුදු 20-30 කාලයක ඉඳලා. පසුගිය රජය කළේ ඊට ප්‍රතිවිරුද්ධ දේ.

 නව රජය යටතේ පොල් වගාව සහ කර්මාන්තය දියුණු කිරීම සඳහා ආනයනික ෆාම් තෙල් වලට බදු පැනවීම ඉතා හොඳ දෙයක්. එවිට කෙටි කාලිනව පොල් මිල ඉහළ ගොස් අපනයන නිෂ්පාදන වල මිල ඉහළ යනවා. ඒත් පොල් මිල ඉහළ යාම සමඟ නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට වසර 2 කින් පමණ සමබරතාව ඇති වෙනවා. 

කෙටි කාලීන ප්‍රශ්ණ දිහා  බලලා දීර්ඝ කාලීන උපාය මාර්ගික තීන්දු ආපසු හැරවීම වරදක්. පොල් නිෂ්පාදන 37 ක් අපනයනය කරනවා. ඩෙයිකේටම් කොකනට් කියන්නේ එකක් පමණයි. ''

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දුව - 'කලම්බු ටුඩේ' අනාවරණයක් 

images
කොරෝන වසංගත තත්වය තුල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වෙමින් තිබිය දී මහා පරිමාන ෆාම් තෙල් ආනයන කරුවෙකු සැනසීම සඳහා අප්‍රේල් මුලදී ආනයනික පොල් තෙල් සහ ආනයනික ෆාම් තෙල් මත අයකරන බද්ද රුපියල් 100 කින් වැඩි කිරීමට රජය තීන්දු කර තිබු බව 'colombotoday.com' වෙබ් අඩවිය අනාවරණය කර ඇත.


බොදුබල සේනා සංවිධානයට පක්ෂපාති මතවාදයක් ගෙන යන එම වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, මෙම තීන්දුව ගන්නා මොහොත වනවිටත් මහා පරිමාන ව්‍යාපාරිකයා ෆාම් තෙල් අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබී ඇත. රජයේ මෙම තීන්දුව නිසා රුපියල් බිලියන ගණනක අතිරේක ආදායමක් අදාළ ව්‍යාපාරිකයාට එක් රැයකින් හිමිවූ බව එම වෙබ් අඩවිය අනවරණය කර තිබේ.

කෙසේවුවද පොල් තෙල් මත පැනවූ නව බද්ද ඉවත්කරන ලෙස පොල් සංවර්ධනය මණ්ඩලයේ බලධාරීන් සිදුකල බලපෑමත් සමගම පොල් තෙල් සඳහා වැඩිකළ රුපියල් 100 ක බද්ද ඉවත් කර ගැනීමට බලධාරීන් කටයුතු කල බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

'කලම්බු ටුඩේ' වාර්තා කර ඇති පරිදි මෙම තීන්දුවත් සමගම ෆාම් තෙල් අති විශාල ප්‍රමානයක් මෙරටට ආනයනය කල ව්‍යාපාරිකයා කලබලයට පත්වී රජයේ තීන්දු ගන්නා ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. පොල් තෙල් ආනයනය මාස 3කට නවතාලමින් ලහි ලහියේ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ එහි ප්‍රතිපලයක් ලෙසය.

ඒ අනුව ඉදිරියේදී වෙළඳපලේ පොල් තෙල් හිඟයක් ඇති වී පොල් මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහල යාම සිදුවන ඇත. ඒ සමගම යලි ෆාම් තෙල්වලට ඇති ඉල්ලුම ද වැඩි වීමට නියමිතව ඇත.

වැඩිකරන ලද රුපියල් 100ක බදු මුදල යටතේ වුවද ඉදිරියේදී මෙරටට ආනයනය කල හැක්කේ ෆාම් තෙල් පමණක් බව පවසන 'කලම්බු ටුඩේ' බදු මුදල වැඩි කිරීමට පෙර ෆාම් තෙල් අති විශාල ප්‍රමාණයක් ආනයනය කර ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයාට බිලියන ගණනක අතිරේක ආදායම ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය මගින් යලි අවස්ථාව හිමි වීමට නියමිත බව වැඩිදුරටත් කියා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්