පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ, අසාද් මවුලානා සිය කැමැත්තෙන් මෙරටට පැමිණි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට සහය දැක්වීමට සූදානම්ව සිටින බවයි.
කෙසේ වෙතත් අසාද් මවුලානා යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පොලිසිය පවසයි.
අසාද් මවුලානා මේ වනවිට දේශපාලන රැකවරණය ඉල්ලා විදෙස් ගතව සිටී.
පාස්කු දා එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන බව පවසමින් අණ්ඩුව සිදුකරන බොරුවක් සම්බන්ධයෙන් රටට විශේෂ හෙළිදරව්වක් අද (පෙබ. 3) සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.
මේ සම්බන්ධයෙන් සියලු සාක්ෂි සහිතව අද දිනයේදී විශේෂ හෙළිදරව්වක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ හෙළිදරව්ව සිදු කිරීමට නියමිතය.
( මුලාශය | News1st)
සබැඳි පුවත් :
පිල්ලයාන් CIDයට - පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?






