ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයෙන්

මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල ඒකමතික තීන්දුවක් ගෙන ඇත.

රාජපක්ෂ පවුල විසින් එහි මුලික වගකීම පවරා ඇත්තේ, බැසිල් රාජපක්ෂ වෙතය.

ඒ අනුව,බැසිල් රාජපක්ෂ විසින් තමාගේ ප්‍රධානම ක්‍රියාධරයා වූ සිරිපාල අමරසිංහ ජාතික මැතිවරණ ව්‍යාපාරයෙන් මුදාහැර වහාම මාතර දිස්ත්‍රීක්කය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන සිරිපාල අමරසිංහ මේවනවිට පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරයි.

ඊයේ (ජුනි 10) මාතරට ගිය බැසිල් රාජපක්ෂ, සිරිපාල අමරසිංහ ඇතුළු කොළඹ මුලස්ථානයෙන් අනුයුක්ත කර ඇති නිලධාරීන් කැඳවා නිපුන රණවකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය සොයා බලා ඇතැයි වාර්තාවේ. මාතර දිස්ත්‍රීක්කයේ ආසන 07 තුලම නිපුන ගේ කාර්යාල පිහිටුවන ලෙසත්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම ගෙනයමින් තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ එහිදී උපදෙස් දී ඇතැයි ද පැවසේ.

අනතුරුව බැසිල් රාජපක්ෂ, දෙවිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ මෙවර මහ මැතිවරණයේදී නිපුන රණවක හා මහින්ද යාපා අබේවර්ධන දිනවීමට කටයුතු කරන ලෙසයි. දෙවිනුවර ආසනයේ 'පොහොට්ටු' පක්ෂ සංවිධායක වරයා වන්නේ හිටපු මන්ත්‍රී කාංචන විජේසේකරයි.

 

ගාමිණි සෙනරත් හක්මනට යයි

මේ අතර පෙරේදා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක් හා ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා හක්මනට කැඳවා රහස් හමුවක් පවත්වා ඇති අගමැති ලේකම් ගාමිණි සෙනරත්,  

නිපුන රණවක හා මහින්ද යාපා අබේවර්ධනයට සහය දෙන ලෙසත් එසේ සක්‍රියව දායකවන සියලු දෙනාට මහ මැතිවරණයෙන් පසු ඉහලින්ම සලකන බවත් දන්වා තිබේ.

නිපුන රණවක මාතර ආසනයෙන් වැඩිම මනාපයෙන් දිනවීමට කටයුතු කරන ලෙසද ඔහු එහිදී ඉල්ලීමක් කර ඇත.

මේ අතර මිට සතියකට පමණ පෙර මහින්ද යාපා අබේවර්ධන කැඳවා ඇති අගමැති මහින්ද රාජපක්ෂ, නිපුන රණවක සමග සහයෝගයෙන් වැඩකරන්නැයි දැනුම් දී තිබේ. '' මගේ එකා මේපාර ඉහලටම ගන්න ඕන'' අගමැතිවරයා එහිදී මහින්ද යාපා අබේවර්ධනට අවධාරණය කර ඇත.

එසේම ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු වෙන වෙනම කැඳවා ඇති අගමැතිවරයා නිපුනගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන්නැයි ද දැනුම් දී ඇත.

 

ඩලස් හා කාංචන ගේ විරෝධය :

නිපුන රණවක සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රීක්කය නියෝජනය කරන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.

එම අභියෝගයට මුහුණදීම සඳහා ඔවුන් දෙදෙනා එක්ව දිස්ත්‍රීක්කය තුල වෙනම ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇත. ඒ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින සරත් අල්විස් ද සමග එකතු වෙමිනි.

මෙසේ මාතර දිස්ත්‍රීක්කයේ 'පොහොට්ටු' දෙපාර්ශවයක් අතර සිදුකෙරෙන දැවැන්ත ප්‍රචාරක යුද්දය තුල 'පොහොට්ටුවේ' ඡන්ද සංඛ්‍යාව ඉහළයාමේ ඉඩක් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්