රජයේ රෝහල්වල වෛද්යවරුන් පිටතින් ඖෂධ නියෝග ලබාදීම සම්බන්ධයෙන් මෑතකදී මතුවූ චෝදනා මාලාව සිය සාමාජිකයන්ගේ දැඩි අවධානයක් ඇති කළබව එම සංගමයේ ලේකම් ප්රභාත් සුගතදාස ගේ අත්සනින් ඊයේ (24) සෞඛ්ය අමාත්යංශයට ලිපිය යොමු කර තිබේ.
ජීවිත ආපදා තත්ත්ව තුළ විශේෂඥවරුන් සහ ශ්රේණිගත වෛද්යවරුන්, රෝගීන්ට සුදුසු ප්රතිකාර ලබාදීම සඳහා ඇතැම් අවස්ථාවල රෝහල්වලින් අවසන්වී ඇති ඖෂධ හා භාවිත ද්රව්ය සඳහා පිටතින් ලබා ගැනීමට නිර්දේශ කරන බව සෞඛ්ය අමාත්යාංශය හොඳින් දැනුවත් බව එම ලිපියේ දැක්වේ.
එවැනි ක්රියා යහපත් අදහසින් රෝගීන්ට වාසියක් ලබාදිය හැකි වුවද පැහැදිලි උපදෙස් සහ මාර්ගෝපදේශ නොමැතිව වෛද්යවරුන්ට විමර්ශන හා නීතිමය ක්රියාමාර්ග වලට ලක්වීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව එහි සඳහන්වේ.
පිටතින් ඖෂධ නියෝග ලබාදීම සම්බන්ධ වෛද්යවරුන් ආරක්ෂා කර ගැනීමට පැහැදිලි උපදෙස් සහ මාර්ගෝපදේශ නිකුත් කිරීම ප්රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.
‘රට බංකොලොත් වූ අවස්ථාවේ’ දී පැවතියාටත් වැඩි ඖෂධ හා වෛද්ය උපකරණ හිඟයක් මේ වන විට රජයේ රෝහල්වල පවතී. දෛනික අවශ්යවන ඖෂධ, කැතීටර්, ශල්ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට වෛද්ය නිර්දේශය ලබාදීම සාමාන්ය තත්වයකි.
රජයේ රෝහල්වල පවතින ශල්ය උපකරණවවලට වඩා තත්වයෙන් හා ප්රමිතියෙන් උසස් ‘උපාංග’ වෛද්ය නිර්දේශමත රෝගීහු මිලදී ගනිති.
රෝහල්වල නොමැති ඖෂධ, උපකරණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඇතිවී තිබෙන්නේ අත්අඩංගුවේ පසුවන විශේෂඥ වෛද්ය මහේෂි සම්බන්ධයෙන් සිදුවීම නිසාය.
ප්රාදේශීයව සිදු කරන ඖෂධ මිල දී ගැනීම් පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් සිදු කරන ලෙසත් එහි දී රෝහල් බලධාරින් වෙනුවෙන් රජය නිරතුරුව ම පෙනීසිටින බවත් සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි පවසයි. නියෝජ්ය අමාත්යවරයා මෙම අදහස් පළ කළේ වෛද්ය සැපයීම් දේශීය ව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්ය අංශ ශ්රවණාගාරයේ දී පැවැති එක්දින වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේ දී ය.
මෙම පුවතට අදාල තවත් විස්තර :
ප්රාදේශීයව සිදු කරන ඖෂධ මිල දී ගැනීම් පූර්ණ විනිවිදභාවයකින් සිදු කරන්න - නියෝජ්ය සෞඛ්ය ඇමති
විශේෂඥ ස්නායු ශල්ය වෛද්යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට
රෝහල්වල නැති බෙහෙත් නියම කරන හැටි විශේෂඥ වෛද්යවරු ඇමතිගෙන් අසති
‘මහේෂි අපේ නෙමෙයි’- රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියයි
ඖෂධ හෝ වෛද්ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්ය සෞඛ්ය ඇමති කියයි
රිමාන්ඩ් භාරයට පත් ජ'පුර රෝහලේ විශේෂඥ වෛද්යවරියට එල්ල වී ඇති චෝදනා මොනව ද ?



