The Leader News
BREAKING
Top Ad
පුවත්

තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්

T

The Leader Desk

July 30, 2025 • 6:00 AM

තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
  • එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.
  • පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවය.
  • එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවය.

එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙත්සම්කරුවන් පවසයි.

ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

| adaderana

uvindu k89789
සබැඳි පුවත් :

තොරතුරු කොමිසමේ සභාපති පත් නොකිරීම ගැන 'ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව' කනස්සල්ලෙන්

තොරතුරු කොමිසමේ (RTI) සභාපති පත්කිරීමේ ප්‍රමාදය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් අප්‍රසාදය

තොරතුරු කොමිසමේ සභාපති ධූරයට කඩිනමින් සුදුස්සෙක් පත්කරන්න - පැෆරල්

තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් ! - සභාපති පත්කිරීම බරපතල අර්බුදයක !

තොරතුරු කොමිසමට මාස තුනක් සභාපති කෙනෙක් නෑ; කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති

තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් !

තොරතුරු දැනගැනීමේ කොමිසම වහාම සක්‍රීය කරන්න - කරූ ජයසූරිය

තොරතුරු කොමිසමේ පුප්පාඩු පිරවීම ජනපති මේසය උඩ පුස්කවන ආණ්ඩුව, ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් දැන ගැනීමට තොරතුරු කොමිසමට යන්නැයි කියයි!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...