ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා කළ ඉල්ලීම එරට රජය විසින් පිළිගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු රාජ්‍යතන්ත්‍රීක ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

 

ඒ සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතත් යම් අවස්ථාවක මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළහොත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එය නිලවශයෙන් දැනුම්දීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියකු වීම හේතුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහුට ජාතික මැතිවරණයට ඉදිරිපත්වීමේ සුදුසුකම ඇහිරී තිබු අතර එම තත්වය යටතේ ඔහු සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා පසුගියදා ඇමරිකාවට ගොස් ඊට අදාල නීතිමය පියවර ගෙන තිබිණ.

 

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව !

කෙසේවුවද මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව අවාසිදායක ලෙස බලපා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මෙම නඩුව සුළු චෝදනාවක් සම්බන්ධයෙන් නොවේ. අපරාධ ගණයට වැටෙන චෝදනාවකි. මේ නඩුවෙන් බේරීම සඳහා ගෝඨාභය නොකළ දෙයක් නැත.මේ නඩුව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාගත්තේය. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම වැළකුණි. රිමාන්ඩ් බන්ධනාගාරගත වීම වැළකුණි.

මේවා සිදුවූයේ රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් වෙනත් දේශපාලඥයන්ද රාජ්‍ය නිලධරීන්ද අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් බන්ධනාගාරගතවූ පසුබිමකය.

ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කරනු ලැබූයේ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයේ මෙම නඩුව විභාග වීම වැළැක්වීමටය. ඒ සඳහා ඔහු අභියාචනාධිකරණයේ පිහිට පැතීය. එහෙත් ත්‍රීපුද්ගල මහාධිකරණය එම නඩුව ජූනි 19 සිට විභාගයට ගන්නා බවට තීරණය කළේය.

 

බැසිල්ගේ සුදානම !

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව ඔහුට අවාසිදායක විය හැකි බව රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුගේ ද ස්ථාවරය වී ඇති අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් කළ හැකි වඩාත් සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

එවැනි තත්වයක් යටතේ වහාම 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේවනවිටත් අදාල පියවර ගෙන තිබේ.

ඔහුද සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ.

 

සබැඳි පුවත් :

ස්වයං වාරණයට ලක්වූ පුවතක් : ගෝඨාභය රෝගී වේ

ජනාධිපතිවරණය : පොහොට්ටුවෙන් ගෝඨා නොවේ, බැසිල් !

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්