19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කර රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් අද (අගෝස්තු 20) පැවසිය.

09 වැනි පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, රටේ සියලූම ජනතාවට ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බවත් ය.

''ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා.  

ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.

 ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා.  මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන්  ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා.

පැහැදිලි  තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන  මැතිවරණ ක්‍රමයේ  වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා.

''පැහැදිලි  තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන  මැතිවරණ ක්‍රමයේ  වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා.''

සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා.'' යයි යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

 

''අප කාටත් 'මෘදු අධිකාරීවාදයේ' සුමුදු පහස විඳින්නට.....

Sumith Chamindaජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසන්නේ, ''අප කාටත් "මෘදු අධිකාරීවාදයේ" සුමුදු පහස විඳින්නට ලැබෙනු ඇත..'' කියා ය.

ප්‍රවීන දේශපාලන විචාරකයකු වන කථිකාචාර්ය සුමිත් චාමින්ද ගේ එම දේශපාලන විවරණයේ මෙසේද සඳහන් වේ.

''අද දිනයේ ජනාධිපතිතුමා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දැන් ලිබරල්වාදීන්ගේ ප්‍රධාන අවධානය එල්ල වනු ඇත්තේ 19 වන සංශෝධනය අහෝසි කිරීම ගැනය.

 

ඊටත් වඩා බරපතල ප්‍රතිසංස්කරණයක් ???

නමුත්, ඊටත් වඩා බරපතල ප්‍රතිසංස්කරණයක් ගැනද එතුමා ඉඟි කළේය.

එනම්, පවතින සමානුපාතික නියෝජන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමටද නව ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි. ඒ ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩ නැගීමේ අරමුණෙනි.

 කෙසේ වුවත්, සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසි කිරීමක් ගැන ඔහු පැවසුවේ නැත. එම ක්‍රමයේ සාධනීය ලක්ෂණ ආරක්ෂා කර ගත යුතු බව ඔහු පිළිගත්තේය.

නමුත්, කාරණය නම්, "පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයට" බාධාවක් යැයි ආණ්ඩුවට හැඟී යන පක්ෂ මැතිවරණ දේශපාලනයෙන් අතුගා දැමීම මේ පවතින නියෝජන ක්‍රමය තුළම කළ හැකිව තිබෙන බවයි.

''නමුත්, කාරණය නම්, "පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයට" බාධාවක් යැයි ආණ්ඩුවට හැඟී යන පක්ෂ මැතිවරණ දේශපාලනයෙන් අතුගා දැමීම මේ පවතින නියෝජන ක්‍රමය තුළම කළ හැකිව තිබෙන බවයි. ''

පවතින ක්‍රමය තුළ කිසියම් පක්ෂයකට කිසියම් මැතිවරණ දිස්ත්‍රික්කයක් තුළ මන්ත්‍රී ධූරයක් හිමි කර ගැනීම සඳහා අවශ්‍ය අවම ජන්ද ප්‍රතිශතය වන්නේ 5% කි. එය කළින් පැවතියේ 12.5% ලෙසයි. අවශ්‍ය අවම ජන්ද ප්‍රතිශතය 5% දක්වා පහත හෙළනු ලැබුවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1988 දෙසැම්බර් මසදීය. ඒ 15 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

දැන් එය යළිත් පැරණි සීමාවට ඉහළ නැංවීම ඉතාම පහසුවෙන් කළ හැකිය.

JVPජවිපෙ ඇතුළු කුඩා පක්ෂ බොහොමයකට යළිත් පාර්ලිමේන්තු නියෝජනයක් ගැන අපේක්ෂා රඳවා ගත නොහැකි වනු ඇත.

එවිට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කුඩා පක්ෂ බොහොමයකට යළිත් පාර්ලිමේන්තු නියෝජනයක් ගැන අපේක්ෂා රඳවා ගත නොහැකි වනු ඇත. (ඒ සඳහා ප්‍රධාන පක්ෂ සමග සන්ධානගත වීමට ඔවුනට බල කෙරෙනු ඇත).

නමුත්, ඒ වන තෙක් මැතිවරණ දේශපාලනය මගින් රාජ්‍ය බලය දිනා ගැනීමේ ක්‍රමවේදය ගැන අපට සංවාද කරමින් සිටිය හැකිය.

අප කාටත් "මෘදු අධිකාරීවාදයේ" සුමුදු පහස විඳින්නට ලැබෙනු ඇත්තේ ඉන්පසුවය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්