වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ විරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති

ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආරක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත් ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත් මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වන බවය.

මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධි ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සාහ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

''මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධි ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සාහ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.''

නිවේදනයේ දැක්වෙන්නේ, එවැනි වාර්තාවල මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව ද නිරීක්ෂණය කර ඇති බවයි.

පරිසර විනාශයක් ගැන කියවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍යය සහ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බව එහි සඳහන් ය.

මෙසේ පළ කරන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගන්නා බව ද මෙහි දැක්වේ.

පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලබන බව ද විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙන බව ද මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඔවුන්ගේ රැස්වීම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරෙන බව ද එම නිවේදනයේ සඳහන් ය.

මහවැලි අධිකාරියට අයත් එච් කලාපයේ අනුරාධපුර ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණයේදී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට පසුගිය සැප්තැම්බර් 15 වන දින පළ වූ වාර්තාව ද අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වේ.

මහවැලි අධිකාරියට අයත් එච් කලාපයේ අනුරාධපුර ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණයේදී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට පසුගිය සැප්තැම්බර් 15 වන දින පළ වූ වාර්තාව ද අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වේ.

එම වාර්තාවෙන් පළ කළ වන විනාශයට අමතරව බරපතල දූෂණ ක්‍රියා සිදු වන බවට කළ චෝදනා ද මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර  සැප්තැම්බර් 17 දා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන් බව ද එම නිවේදනයේ දැක්වේ.

එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළ තලාව වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතු වී තිබුණත් යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට තබා වැව් බැම්ම තාවකාලිකව රැකගත් බව ද බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුළුමනින්ම ජලයෙන් යටවන බව ද කොළඹ යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර පාදෙනිය මහා මාර්ගයට බරපතල හානි පැමිණෙන බව ද හඳුනාගෙන ඇති බව සඳහන් විය.

පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9 ක ආධාර මුදලක් ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේදී ආරම්භ වී ඇති අතර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්‍රගතිය බැංකුව විසින් අධික්ෂණය කරන බව ද මෙහි දැක්වේ.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වැවේ සහ බැම්ම මත වැඩි ඇති ගස් අසූවක් ඉවත් කිරීමට තීරණය වු බවත් ඒ සියල්ලම මාර ගස් බවත් ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍ය හා පතල් කාර්යාංශයේ අනුමැතියද ලැබී ඇති බවත් මෙහි සඳහන් ය.

Kiyathmaga 2020සමාජ මාධ්‍යවල පලවී තිබු පොස්ටුවක්.

අදාළ අනුමැතියට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී එච් ආර් සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ඉංජිනේරු එස් ඇලකන්ද යන මහත්වරුන් බව ද නිවේදනයෙන් පෙන්වා දෙයි.

කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතින බව ද නිවේදනයේ සඳහන්.

''ජනතාව නොමග වනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.''

වැව ප්‍රතිසංස්කරණයේදී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ වාර්තාව තුළ මේ කිසිදු තොරතුරක් අඩංගු නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජනතාව නොමග වනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්