අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහ කම්කරු

අරගල මධ්‍යස්ථානය විසින් ඊයේ (28) විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

කොළඹ – රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට දී ''කිරි දෙන්න ඉඩ දෙන්න !'' යන මැයෙන් පැවති මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියේය.

මෙහිදී උද්ඝෝෂණයෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ඇමතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශය වෙත ගියහ.

බදාදා මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් ඇමතිවරයා අමාත්‍යංශයට පැමිණ සිටියේ නැත.

ඒ නිසා ඇමති වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා ඔවුන් හමුවට පැමිණි අතර නීතියට පටහැනිව ප්‍රසූති නිවාඩු සති 6 ලබාදීමේ පදනම විමසු වෘත්තීය සමිති නියෝජිතයන්ට ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබා දී නොමැති අතර සාකච්ඡාවෙන්ද නැගිට ගොස් තිබේ.

(Sithara Sajeewani -lankaviews.com)

Protets 1

Protets 2

Protets 4

Protets 3

Protets 87

Protets 7

Protets 5

Protets 6

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්