එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් දෙපිරිසක් අතර 1913 වර්ෂයේදී මාතර දී ඇති වූ ගැටුම සම්බන්ධ නඩුව අද (30) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟත්වය මත සියලු

දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු එම නඩුවට අදාළ සියලුම පාර්ශවකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේය. 


මෙම නඩුවේ නිමාව සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති දේශපාලන ක්‍රියාකාරිකයකු වන හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මෙසේ සඳහන් කර තිබේ.

''දේශපාලන පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, රනිල් වික්‍රමසිංහ ගේ එජාප නායකත්ව අර්බුදය පිළිබඳ තීරණාත්මක කඩඉමක් වූ ‘කුරුඳු පොළු නඩුව‘ අද අවසන් විය.  

කුරුඳු පොළු නඩුව යැයි කට වචනයට කියන නමුත්, ඇත්තටම එතන නඩු පහකි.  

අද අවසන් වූවේ එයින් නඩු දෙකකි.  

ඒ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසට පහරදීම පිළිබඳ මංගල සමරවීර ඇතුළු 61 දෙනෙකුට විරුද්ධව පවාරා තිබූ නඩු දෙකයි.  

එයින් එකක්  හර්මන් ගුණරත්නට පහරදීමේ චෝදනාව යි.  දෙවැන්න, චරිත ගුණරත්නට පහරදීමේ චෝදනාවයි.    

නඩු දෙකම සමථයට පත් විය. 

''ලංකාවේ හතර දිග් භාගයේ විසිර සිටින පුද්ගලයින් 61 ක් අවුරුදු 6 යි, දින 360 ක් මේ නඩු දෙකට මාතර උසාවියට ආවේය. ''

ලංකාවේ හතර දිග් භාගයේ විසිර සිටින පුද්ගලයින් 61 ක් අවුරුදු 6 යි, දින 360 ක් මේ නඩු දෙකට මාතර උසාවියට ආවේය. 

 පහර දුන් පිරිස (රනිල් වික්‍රමසිංහ ගේ කණ්ඩායම) ගැන බලන්නට හෝ ඉතිරි වූයේ මංගල සමරවීර හා තිස්ස අත්තනායක ඇතුළු කිහිප දෙනෙකු පමණී.  

නායකයින්, පසුගිය ජනාධිපතිවරණයේ හා මහා මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස කණ්ඩායමට එක් විය. 

කුරුඳු පොළු ගැටුම ඇති කළ දේශපාලන බෙදීම, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ඇති කිරීමේ පදනම වූ බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.  

''කුරුඳු පොළු ගැටුම ඇති කළ දේශපාලන බෙදීම, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ඇති කිරීමේ පදනම වූ බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. '' 

රනිල් වික්‍රමසිංහ නොවන පොදු අපේක්ෂකයෙකු 2015 ජනාධිපතිවරණයට කරළියට එන්නේ මේ ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුවේ සරණ යාම නිසාය. 

පසුගිය මහ මැතිවරණයෙන් මෙයට වසර 7 ට පෙර ශිරාල් - මෛත්‍රී ඇතුළු කණ්ඩායම මතවාදී නායකත්වය දුන් මතය ජයග්‍රහණය කළේ එජාපයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරවා ගත නොහැකි පරාජයක් අත් කර දෙමිනි.  

දැන්, එජාපයට රුවන් විජේවර්ධන නව නියෝජ්‍ය නායකයෙකු පත්වී තිබේ.
  
යහපාලන ආණ්ඩුව වසර 5 ක් රාජ්‍ය බලයේ සිටි නමුත්, කුරුඳු පොළු නඩුව, සමථයට පත් නොවී ඉදිරියට ගියේ රනිල් වික්‍රමසිංහ නිසාය. 

පහරදුන් අය පහර කෑ අය, අපමණ දුක් විදිමින් නඩු කියා එකම කඩෙන් තේ බී විසිරි ගියහ.  

2015 දී යහපාලන ආණ්ඩුව හදාගන්නට එකට වැඩ කර, වෙන්ව නඩු කීහ.  

ශූර දේශපාලන සත්වයින් දිගු කලක් තිරයෙන් වසා සිටිය නොහැකිය.  

තවත් දේශපාලන රංගනයකට පළමු සීනුව අද නාද වී ඇත.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්