වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳ හෙළිදරව් ජනාධිපති වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබියදී, විශාල වන විනාශයක් මේ වන විට උතුරේ සිදු වන බව ආරක්ෂක

ලේකම් පිළිගෙන තිබේ.

ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ කෙරුණු එම හෙළිදරව් කිරීම්  “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙසින් හෙලා දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබුණි.

කෙසේවෙතත්, වන විනාශය සැබවින්ම සිදුවන්නක් බව පිළිගනිමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති සොයුරු චමල් රාජපක්ෂ ද සමග එක්ව ඊට විරුද්ධව පියවර ගන්නා බවයි.
''වන විනාශය සැබවින්ම සිදුවන්නක් බව පිළිගනිමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති සොයුරු චමල් රාජපක්ෂ ද සමග එක්ව ඊට විරුද්ධව පියවර ගන්නා බවයි.''

"අද විශාල වන විනාශයක් මේ වන්නි ප්‍රදේශය තුළ සිද්ධ වෙනවා,” යි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ වවුනියා දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේ දී ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා රාජ්‍ය නිලධාරීන් අමතමිනි.

“වනාන්තර සීග්‍රයෙන් එළිකරගෙන යනවා විවිධ හේතු මත. අක්‍රමවත් ක්‍රමවේදයන් භාවිතා කරමින් නීති විරෝධි ක්‍රමවේදයන් භාවිතා කරමින් මේ වනය නැති වෙනවා. වන්නි ප්‍රදේශයේ වන සම්පත් නැති වෙනවා කියලා කියන්නේ ඒක වන්නි ප්‍රදේශයේ ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවටම බලපාන හේතුවක් වෙනවා."


වන්නියේ පමණක් නොව සිංහරාජයේද වන විනාශයේ හවුල්කරුවන් ලෙසට මේජර් ජෙනරාල් ගුණරත්න ලේකම් ධුරය හොබවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවද චෝදනා ලබා සිටී.

වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවති උත්සවයට විල්පත්තුව විනාශ කිරීමේ දැඩි චෝදනාවට ලක් ව සිටින පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ද එක්ව සිටියේය.

රැස්වීමට පසුදාම වන්නි වනාන්තරයකින් කපා හෙලන ලද ගස් තොගයක් අල්ලා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

වව්නියාව ඕමන්ත, පාලමොට්ටෙයි රක්ෂිතයෙන් බුරුත කඳන් 23 ප්‍රවාහනය කරද්දී  2 සිකුරාදා උදෑසන පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් විසින් වටලා අත් අඩංගුවට ගෙන තිබුණි.

Burutha 1යුද හමුදාවට චෝදනා

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට හානි වන අයුරින් මාර්ගයක් ඉදි කිරීමෙන් වන විනාශයට දායක වු බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේත් වන පියසක් එළි කිරීමට පියවර ගෙන තිබු බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනි.

කිලිනොච්චිය අරවියල්නගර්හි භූමියේ කැලෑව ශුද්ධ කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කටයුතු කර තිබුනේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ අරවියල්නගර් තාක්ෂණ පීඨයේ නේවාසිකාගාරය පිහිටි කැලෑබද ප්‍රදේශයෙන් පැමිණි වන අලියකු විසින් පසුගිය ජුලි 19 වැනිදා කථිකාචාර්යවරියකට පහරදීම මූලික කරගනිමිනි.

පළාත්බද වාර්තාකරුවන්ට යුද හමුදාව පවසා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති කේ. කන්දසාමි  විසින් කරන ලද ඉල්ලීමක් අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් පරිදි 9 වන ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම කැලෑ හෙළිකිරීමට පියවර ගත බවයි.

යුද හමුදාව යොදාගෙන නෙළුව, ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වනයට යාබද වන කලාපයට හානිවන බව පරිසරවේදීන්  අනාවරණයකර තිබියදී එම මාර්ගයේ ඉදිකිරීම් දින 90ක් තුළ අවසන් කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා නියෝග කර තිබුනි.

''යුද හමුදාව යොදාගෙන නෙළුව, ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වනයට යාබද වන කලාපයට හානිවන බව පරිසරවේදීන්  අනාවරණයකර තිබියදී එම මාර්ගයේ ඉදිකිරීම් දින 90ක් තුළ අවසන් කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා නියෝග කර තිබුනි.''

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පරිසරය විනාශ කරන බවට චෝදනා එල්ල වෙද්දී, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති rasika jayakodiසාකච්ඡාවේදී ප්‍රධාන මහාමාර්ග දෙපස පැල මිලියන දෙකක් රෝපණය කිරීමට  ජනාධිපතිවරයා නිර්දේශ කර තිබුනි.


සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි පසුගියදා සදහන් කර තිබුනේ අවසන්  මහ මැතිවරණයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත ඉඩම් ආසන්න වශයෙන් අක්කර 7 බැගින් දිනකට විනාශ වී ඇති බවයි.

බොහෝ තැන්වල මෙම වනාන්තර විනාශය සිදුව ඇත්තේ දේශපාලනඥයන්ගේ රැකවරණය සහ අනුදැනුම යටතේ බව ඔහු වැඩි දුරටත් පවසා තිබුනි.


සබැඳි පුවත් :

සිංහරාජයේ පාර කපන හමුදාව වන්නියේත් කැලෑ ඩෝ සර් කරයි (PHOTOS)

දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා" - රසික ජයකොඩි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්