ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදාවලට

එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් ඉදිරිපත් කර තිබේ.

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් එම කෙටුම් පත ගැසට්ගත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එය යවා ඇත්තේ, බ්‍රිතාන්‍ය පාලන සමයේ අනපනත් යොදාගෙන දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන ආකාරය අමානුෂික බවට පැමිණිලි ගොනුවෙමින් පවතිද්දීය.

මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස එය හඳුන්වා දී තිබේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ හදිසි අවස්ථාවාක් ප්‍රකාශයට පත් කිරීමටත් හදිසි අවස්ථාව සඳහා වන විශේෂ මණ්ඩලයක් පත් කිරීමටත්  කෙටුම්පත අනුව ඉඩ සැලසේ.

''පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමටත් හදිසි අවස්ථාව සඳහා වන විශේෂ මණ්ඩලයක් පත් කිරීමටත්  කෙටුම්පත අනුව ඉඩ සැලසේ.''

ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක මෙන්ම සෞඛ්‍ය, සමාජ සුබසාධන සහ ආරක්ෂක ඇතුළු අමාත්‍යවරුන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද සෞඛ්‍ය හදිසි අවස්ථා මණ්ඩලයට ඇතුලත් වෙයි.

ඊට අමතරව විපක්ෂ නායකයා විමසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු කතානායකවරයා විසින් එකී මණ්ඩලයට පත් කළ යුතුය.

හදිසි අවස්ථාව ක්‍රියාවේ යෙදවෙන කාලය තුලදී අසරණ භාවයට පත්වන පුද්ගලයන් හට නොමිලේ හෝ නාමික මිලකට හෝ සහන සැලසීමට සමාජ සුබසාධන අමාත්‍යවරයා පියවර ගත යුතුය.

මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති විට පොදු රැස්වීම්, ආගමික වන්දනාමාන, අත්‍යාවශ්‍ය නොවන රැකියා වල යෙදීම සහ පොදු ස්ථාන වල ගැවසීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි  දින 14කට නොවැඩි කාලයකට සීමා කිරීමටද ප්‍රතිපාදන සලසා ඇත.

(පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපත පහතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්