කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ව්‍යාප්තිය සීග්‍රවීමත් සමඟ ඉහල ගිය මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීම අදාළ ගෞරවය කාටද යන්න සම්බන්ධව
ප්‍රචාරණ යුද්ධයක් ආණ්ඩු හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ආරම්භ කර ඇති බව 'නිව්ස් ටියුබ්' (newstube.lk) 
වාර්තා කර ඇත. 
 
'නිව්ස් ටියුබ්'  වාර්තා කරන ආකාරයට ඒ සඳහා මේ වන විට රට ලොක්ඩවුන් කිරීමට මැදිහත්වීම ගැන මහ නායක හිමිවරුන්ට ස්තුති කිරීම, මහ නායක හිමිවරුන්ගේ වචනයට ගරු කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන ආදී ලෙස ප්‍රකාශ සමාජ ගත කිරීමේ වැඩසටහනක් මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.  
  
 
මේ වන විටත් සමහර ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ පටිගත කරගෙන ඇති අතර එම 'වොයිස් කට්' අද රාත්‍රී පුවත් විකාශයන්හි ප්ලාන්ට් කිරීමට මේවනවිට සැලසුම් කර ඇතයි වාර්තාවේ.
 
දැනගන්නට ඇති ආකාරයට මේ ආකාරයට ප්‍රකාශ රැසක් සමාජ ගත කිරීමට සැළසුම් කර ඇති හේතුව වන්නේ, මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමට බලපෑම් කල පාර්ශවයන්ට ජනතා ප්‍රසාදය පළවීම වළක්වාලීම සඳහාය.
 
සැබවින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සිට සියලු වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කල සියලුම වෘත්තීය සමිති පොදුවේත්, තනිවත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. 
 
විශේෂයෙන් ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති පළමුව නිහඬ පිළිවෙතක සිටි නමුත් පසුව, දිනපතා ආසාදිතයන් වැඩිවන විට, මරණ ප්‍රමාණය 200 කට ආසන්න ලෙස දෛනිකව වාර්තා වන විට තාවකාලික ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය බව සඳහන් කෙරිණ.
 
එහිදී ආණ්ඩුවේ ස්ථාවරය වූයේ කොරෝනා මැඩීමට විසඳුම එන්නත බැවින් කඩිනමින් එන්නත්කරණය ඉදිරියට ගෙනයන නමුත් කිසිසේත් රට වහන්න සූදානමක් නොමැති බවය.
 
එහෙත් දිනපතා ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා විය. දෛනිකව එතෙක් වාර්තා වූ වැඩිම මරණ වාර්තා අලුත් වූ අතර පවතින තත්ත්වය හමුවේ රෝහල් ධාරිතාවද අවධානමට වැටිණ.
 
 
 
''ආණ්ඩුව කළේ නැත්නම් අපි රට ස්වයං ලොක්ඩවුන් කරනවා'' - වෘත්තීය සමිති !
 
 
 

 
 
 
එහිදී සියලු වෘත්තීය සමිති ආණ්ඩුවට බලකර සිටියේ වහාම දින 14 ක තාවකාලික ලොක්ඩවුන් කිරීමක් හරහා සෞඛ්‍ය අංශ ඉල්ලන සහනය ලබාදෙන ලෙසය. 
 
එහිදීද ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් පෙන්වූ තැන මෙරට විශාලතම වෘත්තීය සමිති සන්ධානගත වෙමින් ආණ්ඩුවට බලකර කියා සිටියේ 20 වන සිකුරාදා වන විට තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් 23 සඳුදා සිට දින 14 කට රටම ස්වයං ලොක්ඩවුන් කිරීමකට ලක්කරන්න තමන් මැදිහත් වන බවය.
 
එය එක්තරා ආකාරයට යහපත් සංඥාවක් නොවන්නේ, විධායකය ගතයුතු තීන්දුවක් වෘත්තීය සමිති ගැනීම තුල රට අභ්‍යන්තරයේ කිසියම් අරාජිකත්වයක පවා සංඥා සඳහන් වන නිසාය. 
 
 
එම කටයුත්ත තවත් බරපතළ වුයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය ඇතුළුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ නොවන සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ කටයුත්තට ප්‍රසිද්ධියේ සහය දක්වා සිටීමය.
 
 
එම පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත චෝදනා කර සිටියේ, වෛද්‍ය නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු තීරණ නොගන්නා නිසා මරණ ප්‍රමාණය පවා වැඩිවන බවත් ඒ සියලු මරණ වලට බලධාරීන් වගකිව යුතු බවත් පවසමින්ය. 
 
එසේම ලංකාවේ තත්ත්වය බරපතළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කමිටු වාර්තා පවා අනතුරු ඇඟවූ අතර සංචරණ සීමා පැනවීමේ සහ ක්‍රියාත්මක වන ස්වභාවයේ වෙනසක් සිදුනොකළහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පුරෝකථන පවා ඉදිරිපත් කෙරිණ.
 
මේ කාලය තුළත් ආණ්ඩුවේ ප්‍රධානීන් සෞඛ්‍ය අංශ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බරපතළ ලෙස චෝදනා ලැබීය. 
 
අවසානයේ ඊයේ (20) වන විට පැවතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් නොගත් පසුබිමක, වෙළඳ සංගම්, වෘත්තීය සමිති, ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂ සියල්ල එකතුව මර බිය නිසා ස්වයං ලොක්ඩවුන් වන තත්ත්වයකි.
 
 
 
 
 Loc 21
                 මර බිය නිසා නගරවල වෙළඳ සංගම් 'ස්වයං ලොක්ඩවුන්' ....
 
 
එය ආණ්ඩුවේ දේශපාලන අනාගතයට අහිතකරය. එසේම ස්වයං ලොක්ඩවුන් වීම නීති විරෝධී කියන්නටද නොහැකිය. 
 
කෙසේවත් ලොක්ඩවුන් නොකරන කතා සමඟ වහසිබස් දෙඩු නිසා , කුමන තත්ත්වයේ වුවත් ලොක්ඩවුන් එකකට යාම මදිපුංචිකමක් ලෙස සලකන බවක් ආණ්ඩුව පැත්තෙන් පෙන්නුම් කෙරිණ.
 
එහෙත් නගර - ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක වෙළඳ සංගම් ඒ වන විටත් ස්වයං ලොක්ඩවුන් කිරීම් ප්‍රසිද්ධ කර නගර වල කටයුතු නවත්වා පෙන්වා තිබිණ. එනිසා 20 ආණ්ඩුව තීන්දුවක් ගත්තත් නැතත් රට වැසීමේ අවධානමක් පෙනිණ.
 
 
''විමල්ලා කරපු වැඩේ හොඳයි : නැත්නම් සේරම ලකුණු වෘත්තීය සමිති සහ විපක්ෂයට ''
 
 
 
ලීඩර් වෙබ් අඩවිය සිය youtube චැනලය ඔස්සේ අනාවරණය කර සිටියේ, ආණ්ඩුවේ පක්ෂ 10 එකමුතුව විසින් ජනාධිපතිට ලිපියක් යොමුකර සති 3 කට රට වහන්න ඉල්ලුවේ ඒ දේශපාලනය දැනගෙන බවය. 
 
 
 
අමාත්‍ය විමල් වීරවංශ ඒ ලිපිය ලියා ඇති බවත්, එහි වාර්තා කර තිබිණ.
 
එසේම පක්ෂ 10 නායකයන් එය අත්සන් කර ජනාධිපතිට යොමුකිරීම , ජනාධිපතිව බිත්තියට හේත්තු කිරීමක් වුවත්, එය ලොක්ඩවුන් දේශපාලන වාසිය මුළුමනින්ම විපක්ෂයට සහ වෘත්තීය සමිති වෙත යාම වැළක්වූ මැදිහත්වීමක් බැවින් අගමැතිවරයාගේද පැසසුමට හේතුවූ බවක්ද අඟවා තිබිණ.
 
 
දින 7කට ලොක්ඩවුන් එකක් : කාටද ? මොකටද ?
 
 
කෙසේ වුවත් පසුව මහනායක හිමිවරුන් ඉදිරිපත් කළ සතියකට රට වැසීමේ යෝජනාවත් ආණ්ඩුවේ පාර්ශව විසින් සකස්කර දී මහ නායක හිමිවරුන්ගේ අනුමැතියෙන් ප්‍රසිද්ධ කර ඇති බවට කතාවකුත් එහිදී කියවිණ. ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් සතියකට රට වැසීම කොරෝනා සම්බන්ධව නම් විද්‍යාත්මක යැයි පැවසිය නොහැක. 
 
 
ඒ මේ වෛරසය සමඟ ගනුදෙනු බේරා ගන්නට අවම කාලය සති 2ක් නැතිනම් දින 14ක් යන බව ලෝක සම්මතය නිසාය. ඒ අනුව දින 7 යෝජනාව වඩාත් සමීප වන්නේ, කොහෙත්ම රට ලොක්ඩවුන් කල නොහැකි බව පවසා සිටි පාර්ශවයටය. නැතිනම් කොහෙත්ම බෑ කියන දෙය දින 7 කට සලකා බලන්නම් කිවහැකි පාර්ශවයටය.
 
ඒ අර්ථයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන පක්ෂ, කණ්ඩායම් කියූ නිසා නොව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම නිසා දින 10 කට තාවකාළිකව රට වැසීමේ නම්බුව ආණ්ඩුවට බේරා ගැනීමට ලැබුණු බව කෙනෙකුට සිතිය හැකිය.
 
 
237092530 658578658868476 6936388451846324484 n
 
 
ජනාධිපති ගැන නොහිතන කැම්පේන් !
 
 
නමුත් දැන් වාර්තා වන්නේ, මේ රට වැසීමේ ඒ ජනතා ප්‍රසාදය ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10 වෙත හෝ යාම වැළක්වීමේ කටයුත්තක් දියත්ව ඇති බවය. 
 
වැඩි වැඩියෙන් භික්ෂුන් වහන්සේලා සහ රට වැසීමට මැදිහත්වී සිදුකළ කාර්ය ගැන මහ නායක හිමිවරුන්ට සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන "වොයිස්කට්" මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඒ සඳහාය. 
 
 
කොරෝනා මර්දනය, මරණ අවම කරගැනීම සහ ආසාදිතයන් අඩුකර ගනිමින් මේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කරගැනීමට වඩා මේ අයට වැදගත් "ලොක්ඩවුන් ලකුණු" පාලනය කිරීමය. එය තමන්ට නැත්නම් ආණ්ඩුවේ අනෙක් පාර්ශවයකටවත් ඉතිරි නොකිරීමය.
 
 
 
නමුත් ප්‍රශ්නය ඇත්තේ, ජනාධිපති ලොක්ඩවුන් දීර්ඝ වුනොත් කැපකිරීම් කරමු කියන යෝජනාව පවා මේ හමුවේ අවධානමේ වැටීමය. 
 
දීර්ඝ කාලයක් ලොක්ඩවුන් වුණොත් රටට සිදුවන ආර්ථික හානිය ගැන වාදයක් නැත. ඒ ගැන ජනාධිපති රටට අවධාරණය කිරීම අතිශය වැදගත් ය.
 
 ප්‍රශ්නය ඇත්තේ, සැවොම කැපකරන , කැප කිරීම් සඳහා ජනතාව සූදානම් කරන ජනාධිපතිගේ වෙහෙසත් මේ කොහෙවත් යන කැම්පේන් අප්පුහාමිලා නිසා අපතේ යාමය. 
 
ඇත්තටම ඒ කැම්පේන් අප්පුලා හිතන්නේ, ගෝඨාභය ජනාධිපති ගැනද නැත්නම්, 2024 ට පස්සේ ඔවුන්ගේ ඔලුවේ ඇති වෙනත් දෙයක් ගැනද ?
 
 
(newstube.lk)
THE LEADER TV 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව !
 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්