ජනාධිපතිවරයා තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිති.

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව 'ඉරිදා ලංකාදීප' පුවත්පත වාර්තා කර තිබේ.
 
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. 
 
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත්, දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ හෝ  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කරන ලෙසත්, ජනාධිපතිවරයා හවුල් පක්ෂ වල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දී තිබිණ. 
 
 
ටිරාන්ගේ නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් !
 
 
මෙම තත්ත්වය තුල ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී ඊයේ  (23) හමුවූ අතර එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතාවුල්ලා, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, දොස්තර ගයෙශාන් නවනන්ද, ගෙවිඳු කුමාරණතුංග, ටිරාන් අලස් සහ පුජ්‍ය අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයින් සහභාගී වී සිටියේය. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්  රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සුම් තාක්ෂනය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධවී තිබිණ. 
 
රටේ බරපතල අර්බුදයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබානොදීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී බරපතල විවේචනයක් එල්ලවී ඇත. 
 
  
එවැනි තත්ත්වයක් තුල තවදුරටත් ජනාධිපතිවරයා පසුපස යාමෙන් පලක් නැති බවටත්, අභ්‍යන්තර සාකච්ඡාවකට අවස්ථාවක් නොදෙන්නේ නම් ජනතාව අතරට ගොස් කරුණු පැහැදිලි කිරීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මෙහිදී ඒකමතික තීන්දුවකට එළඹ තිබේ.
 
 
එහි පළමු පියවර ලෙස ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට මෙම හමුවේදී තීන්දුකර ඇත. 
 
 
වරාය, තෙල් සහ විදුලි ඒකාබද්ධ වර්ජනයක් 
 
 
එසේම, මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් LNG වෙළෙඳපොළට ප්‍රවේශවීමට ඉඩ ලැබෙන පරිදි ඇමරිකාවේ නිව්පෝට්‍රෙස් සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
 
කෙරවල යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග එක්ව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමටද මෙම සාකච්ඡාවේදී එකඟත්වයට පැමිණ තිබේ. 
 
යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගන්නා වෘත්තීය ක්‍රියමාර්ග ලබන සතියේ තීරණය කරන බව පවසන ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් වැඩි දුරටත් පවසන්නේ ආණ්ඩුව, වෘත්තිය සමිති ඇතුළු පාර්ශව රැසක මතයට ඇහුම්කන් නොදෙන්නේ නම් වරාය, තෙල්, විදුලි සේවක ඒකාබද්ධ වැඩවර්ජනයකට යොමු වන බවයි. 
 
රැස්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරපැවසුවේ, බොහෝ දේ සාකච්ඡා කර ඒකමතික තීරණයන්ට එළැඹි බවයි.
 
 
 
 
ආණ්ඩු පක්ෂයට අද රාත්‍රී භෝජන සංග්‍රහයක් 
 
 
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය. 
 
රටේ ආර්ථික තත්ත්වය, ඉදිරි අයවැය, යුගදනවි බලාගාරයේ ගිවිසුම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ. 
 
එම සාකච්ඡාවෙන් පසු සියලු  මන්ත්‍රීවරුන් වෙත මධුවිත සමග සුපිරි භෝජන සංග්‍රයක් පැවැත්වීමට කටයුතු කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
 

THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්