leader s

කාලය මුදල් ශ්‍රමය විනාශ කරමින් ඊයේ (01) දිනයේ ඇරඹි වන අලි පලවාහැරීම ඉතිහාසයට එක්වන තවත් අඳුරු කතාවක් වනු ඇත.

අඩුම තරමින් මේ හම්බන්තොට MER එකේ සතුන්ට සිටිය හැකි භූමියේ ගුණාත්මකභාවය ප්‍රමාණාත්මකභාවය ගැනවත් සතුන් දාන්න කලින් හිතන්න තිබුණා. නාමික වගන්ති යොදා ගොවීන් රවටමින් අලින් හිටි උන්ගේ භූමිය අහිමි කරමින් පසුගිය කාලයේ සිටි සියලු රාජ්‍ය නිලධාරීන් දේශපාලන මගෝඩිකම් රැකවරණය යටතේ මේ භූමිය ජාවාරම්කාරයො අතට පත්කළේ මෙහි සැබෑ ම අරමුණු සාක්ශාත් කරගැනීම පසෙකලා ය.

මෝඩ උද්ධච්ච තීන්දු
 
වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ කිසිදු අහිතකර මානව ක්‍රියාකාරකමන් නවතා දැමීමට වනජීවී අලි පාලන ඒකකය හම්බන්තොට,මදුනාගල වනජීවී බීට්ටුව හෝ කිසිදු සහකාර අධ්‍යක්ෂවරයකුට නොහැකි විය. දිනෙන් දිනම මේ භූමිය වන අලින් තවදුරටත් පලවා හරින භූමියක් බවට පත් කිරීමට මේ සියලු රාජ්‍ය නිලධාරීන් අඩු වැඩි වසයෙන් දායකත්වය දැක්වූ අතර එහි ප්‍රතිඵල ලෙස හම්බන්තොට MER හි ගුණාත්මකභාවය, ප්‍රමාණාත්මකභාවය මේ වන විට දැඩි අභාවයට යමින් පවතී.
එවන් පසුබිමක එහි තිබූ සියලු අලිමංකඩ මේ වනවිට ඇහිරී විනාශ වී ගොස් ඇත. ඒ නිසාම වන අලි ගම්මානයේ සැරිසැරීම කාලය සමග වර්ධනය වීම ස්වභාවික තත්වයකි. නමුත් සියල්ල පසෙකලා ආණ්ඩුවේ මෝඩ උද්ධච්ච තීන්දු තීරණ සමග හිරිකිතයකින් තොරව වැඩ කරන උසස් පළපුරුදු රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම වනජීවී නිලධාරීන් මේවා අනුමත කරන්නේ කෙසේදැයි හිතාගන්නවත් බැරිය.

අලි පලවා හැරීම් අතිශයින් ම අප්‍රායෝගික ක්‍රියාවලියක්
 
image bcde617018
අලින්ට හිමි භූමියේ ඉන්න හිටින්න කන්න බොන්න අහිමි කර නැවතත් අනාරක්ෂිත භූමියකට මේ සතුන් ගාල් කරන්නේ මන්දැයි පුදුමසහගත ය. විශේෂයෙන් ම මෙහි නැවත ගාල් වන්නේ ගැහැනු රංචු හා පැටවුන් ය. කිසිදු පිරිමි සතෙකු ඔය භූමිය නැවතත් පාවිච්චි නොකරන බව ඉඳුරාම අද්දැකීමෙන් කියන්න පුළුවන්. අවසානයේ හිටි තත්ත්වයටත් වඩා සැරවූ වන අලි සහ ප්‍රශ්නය ඉවර වූවා යැයි සිතූ ගොවීන් අතර මීටත් වඩා ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වනු ඇත.
අලි පලවාහැරීම් අතිශයින්ම අප්‍රායෝගික ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිවයුතු නැත. උගත් පාඩම්වලින් පාඩම් ඉගෙන නොගන්නා උද්ධච්ච මිනිසුන් මේ කරන්නේ හම්බන්තොට MER හි සියලු වන අලීන් නීත්‍යනුකූල මරාදැමීමත්, අහිංසක ගොවීන් තවදුරටත් කබලෙන් ළිපට දැමීමත් පමණි.

ප්‍රශ්නය වැරැදි තැනකින් අල්ලාගත් විට ලැබෙන පිළිතුරු ද වැරදි බව තේරුම් ගැනීමට ගතවන කාලය පවා වැරැද්දකි.

mihindu 2(සටහන | මිහිඳු ෆොන්සේකා)
සංස්කාරක : Ape Rata - අපේ රට
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

(උපුටා ගැනීම - Save Elephants in Sri Lanka ෆේස්බුක් පිටුවෙන්..)
 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්