අන්තර්ජාතික සම්මානය පාත්‍ර වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල් மணல் Munnel සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක්

තෝරාගත් සිනමාශාලා කිහිපයක නොවැම්බර් 3 වන දා සිට ප්‍රදර්ශනය කෙරේ.

මනල් චිත්‍රපටයට පාදක වන්නේ යුද්ධය අවසානයේ සිරභාරයෙන් නිදහස් වෙන දෙමල අරගලකරුවෙකු තම අතුරුදහන් වූ පෙම්වතිය සොයා යන කථාවකි.

පැයකුත් විනාඩි 42ක් පුරා දිවෙන සිනමාපටයේ ප්‍රධාන භාෂාව දමිල වන අතර සිනමාපටය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් උපසිරැසි ගන්වා ඇත.



මනල්  மணல் Munnel වෘතාන්ත චිත්‍රපටය 

කථා සාරාංශය:

යුද්ධය අවසානයේ රජයේ හමුදා ග්‍රහණයට පත්වන තරුණ රුද්‍රන් වසර පහකට පසු රැඳවුම් භාරයෙන් නිදහස් වී උසාවියෙන් පිටතට එන්නේ ඔහුගේ අතුරුදහන් වූ පෙම්වතිය වන වානිගේ ඡායාරූපයක් තම ගෙලේ පළඳාගෙන එහි “දුටුවාද?” යන වචනය ද ලියාගෙනය. රුද්‍රන් යන යන තැන වානිගේ ඡායාරූපය පෙන්වමින් ඇයව සොයද්දී, ඔහුගේ මව වන සෙල්ලම්මා තමා ලද දේව වරමකින් ආරූඪයෙන් සාස්තර කියමින් අවට ගම්නියම්ගම් වල වැසියන්ට යුද්ධයේදී අතුරුදහන් වූ තම දුවා දරුවන් ගැන සාස්තර කියන්නීය. එහෙත් සෙල්ලම්මා තම පුතුගේ ආදරවන්තිය ගැන අනාවැකි කිසිවක් නොකියන්නීය. යුධ පරාජය හමුවේ දේශපාලනිකව ඇවතැන් වී සිටින අවට ගම් වැසියන් බුරුතු පිටින් දැවැන්ත දේවාල වලට ඇදෙමින් දේව ආරක්ෂාව අයාචනා කරද්දී රුද්‍රන් මුලදී කියන්නේ තමන්ට දෙවියන් ගැන විශ්වාසයක් නැති බවයි. එහෙත් ඔහු කාළයත් සමඟ කෙමෙන් දෙවියන් වෙතට නැඹුරු වන අතර, සබරමලේ කන්ද නැග අය්යප්පා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නට තීරණය කරන්නේ තම ආදරවන්තිය හා නැවත එක්වීමට කිසිවක් කළ නොහැකිව අන්ත අසරණ වූ අවස්ථාවේ විය හැක. එහෙත් ඔහුගේ ප්‍රාර්ථනා ඉටුවනු ඇත්ද?


ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය:
 
IFFR 5
Tiger Jury සම්මානය දිනූ අවස්ථාව
 
මනල් චිත්‍රපටය 2023 වසර තුලදී ජාත්‍යන්තර සිනමා උළෙලවල් 10 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජත්‍යන්තර සම්මාන 4 ක් දිනාගත් අතර, මේ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ Tiger Jury සම්මානය සුවිශේෂ වන්නේය. මනල් 2023 දෙරණ ලකස් සිනමා උළෙලේ හොඳම “හෙට දිනයේ සිනමා කෘතිය” ලෙස ද සම්මාන ලැබීය.
 
11371a32 c54c 40b9 96bf b96a7ac80b07
2023 International Film Festival of Rotterdam, The Netherlands (Tiger Jury Award)
2023 ImagineIndia Film Festival of Barcelona, Spain (Best Film)
2023 Tasveer Film Festival, United States of America (Audience Choice Award)
2023 Bengaluru International Film Festival, India (Second Best Film Award)
2023 Sydney Film Festival, Australia 
2023 Durban International Film Festival, South Africa
2023 Melbourne International Film Festival, Australia 
2023 Nuremberg International Human Rights Film Festival, Germany 
2023 San Diego Asian Film Festival, United States of America 
2023 Hong Kong Asian Film Festival, Hong Kong 

චිත්‍රපට අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම්:
 
OLYMPUS DIGITAL CAMERA
විසාකේස චන්ද්‍රසේකරම් මනල් චිත්‍රපටයේ තිරපටපත් රචකයා මෙන්ම නිෂ්පාදකයාද වේ. ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන “සයපෙති කුසුම” හෙවත් “ෆ්‍රැන්ජිපැණි” චිත්‍රපටයෙන් සමකාමී ආදරයක් ගැන ආන්දෝලානාත්මක කථාවක් ඉදිරිපත් කළ අතර, එය දෙස් විදේස් අවධානය දිනගත්තේ ජාත්‍යන්තර සිනමා උළෙලවල් 25 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බ්‍රසීලයේ රියෝ සමකාමී සිනමා උළෙලේදී හොඳම ජාත්‍යන්තර සිනමා නිර්මාණයට හිමි සම්මානයද දිනාගනිමින්ය. ඔහුගේ දෙවන කෘතිය වන “පාංශු” චිත්‍රපටයද දෙස් විදෙස් අවධානය දිනාගනිමින්, ජාත්‍යන්තර සිනමා සම්මාන 7 ක් දිනාගත් අතර ලංකාවේ සිග්නීස් සිනමා උළෙලේ සම්මාන 10 ක් දිනා ගන්නා ලදී. විසාකේස “තහනම් අඩවිය” ඇතුළු වේදිකා නාට්‍ය පහක් නිර්මාණය කොට ඇති අතර, “රජ සහ ඝාතකයා” ඇතුළු නවකථා 2ක් ද ප්‍රකාශණයට පත් කොට ඇත. ඔහු මෙයට පෙර ලංකාවේදී මානව හිමිකම් නීතිඥවරයෙකු ලෙස ද, ඕස්ට්‍රේලියාවේ ප්‍රජා නීති ආයතන වල සහ රාජ්‍ය දෙපාර්තුමේන්තු වල ද සේවය කොට ඇති අතර, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරයි.

මනල් චිත්‍රපටයේ පසුබිම
 
mnl7865
විසාකේස ලියූ පළමුවන තිරපිටපත මනල් වුවත්, වසර 15 කට වඩා වැඩි කාළයක් එය නැවත ලියමින් දියුණු කරන ලද පිටපතකි. මනල් චිත්‍රපටය නිර්මාණයට විසාකේස උතුරු සහ දකුණු දෙසින් නිර්මාණකරුවන්ගේ සහාය ලබාගෙන තිබීම විශේෂත්වයකි. චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට උතුරින් පමණක් නොව, කොළඹින් ද, කඳුකරයෙන්ද දෙමල කතා කරන ශිල්පීන් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රථම වතාවට කැමරාවට රඟපෑම් ඉදිරිපත් කළ අය වෙති. එමෙන්ම  මෙහි කැමරා ශිල්පි රිෂී සෙල්වම්, සංගීත ශිල්පි පත්මයන් සිවනාදන් සහ නිෂ්පාදක කණ්ඩායමේ ජෙනොෂන් ජෙයරාම් සහ භරත් පන්ජදාසම් යන අය යාපනයේ සිට නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන් වීම සුවිශේෂය. පසු නිෂ්පාදන කණ්ඩායමේ සංස්කරණ, ශබ්ද පරිපාලන හා වර්ණ සංයෝජන කටයුතු කරනු ලැබුවේ කොළඹ ශිල්පීන්ය. මේ චිත්‍රපටයට දායක වූ ඇතැම් ශිල්පීන් යුද්ධයේ සෘජු වින්දිතයන් වන අතර ඉන් කිහිපදෙනෙක් 2009 වසරේ නන්දිකඩල් කලපුව තරණය කොට දිවිගලවාගත් අය වෙති. 

විසාකේස ලියූ පළමුවන තිරපිටපත මනල් වුවත්, වසර 15 කට වඩා වැඩි කාළයක් එය නැවත ලියමින් දියුණු කරන ලද පිටපතකි. මනල් චිත්‍රපටය නිර්මාණයට විසාකේස උතුරු සහ දකුණු දෙසින් නිර්මාණකරුවන්ගේ සහාය ලබාගෙන තිබීම විශේෂත්වයකි. 

චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට උතුරින් පමණක් නොව, කොළඹින් ද, කඳුකරයෙන්ද දෙමල කතා කරන ශිල්පීන් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රථම වතාවට කැමරාවට රඟපෑම් ඉදිරිපත් කළ අය වෙති. එමෙන්ම  මෙහි කැමරා ශිල්පි රිෂී සෙල්වම්, සංගීත ශිල්පි පත්මයන් සිවනාදන් සහ නිෂ්පාදක කණ්ඩායමේ ජෙනොෂන් ජෙයරාම් සහ භරත් පන්ජදාසම් යන අය යාපනයේ සිට නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන් වීම සුවිශේෂය. පසු නිෂ්පාදන කණ්ඩායමේ සංස්කරණ, ශබ්ද පරිපාලන හා වර්ණ සංයෝජන කටයුතු කරනු ලැබුවේ කොළඹ ශිල්පීන්ය. මේ චිත්‍රපටයට දායක වූ ඇතැම් ශිල්පීන් යුද්ධයේ සෘජු වින්දිතයන් වෙති.
 
mnl 76443

මනල් චිත්‍රපටය පිළිබඳ පළවූ ඇගයීම් සහ විචාර 

මනල් චිත්‍රපටය අරගලයත්, ඒකාධිපතිත්වයත් අතර සිරවූ තරුණයෙකු පිළිබඳව ඉදිරිපත් වෙන විශිෂ්ට වූත්, එහෙත් සරළ වූත් කථාවකි. 

ටයිගර් ජූරි ප්‍රකාශනය 

A great simple story about a young man caught between revolution and authoritarianism - Tiger Jury, IFFR

 
විසාකේස චන්ද්‍රසේකරම් විසින් නිර්මාණය කොට තිබෙන්නේ ඉතා සුවිශේෂී වූ සිනමා කෘතියකි. එම නිර්මාණයේ ශක්තිමත් බව පවතින්නේ ඔහු තෝරාගත් සුවිශේෂී වස්තු විෂයේ පමණක් නොව, එය ඉදිරිපත් කිරීමට ඔහු විසින් තෝරාගත් විලාසය තුලය. ඔහුගේ නිහඬ සහ මන්දවේගී සිනමා භාවනාව පුරා ඇත්තේ අපව කීතු කොට දැමිය හැකි ශෝඛාලාපයකි. එය කොහෙත්ම වාර්තාකරණයේ ආඛ්‍යානයක් නොව, එය අපව නැවත නැවතත් විඳවීමට පත් කරන හුදු පශ්චාත් යුධ හෘදසාක්ෂියම වන්නේය.
ආසියානු මූවි ප්ලස් සඟරා විචාරය
 

Visakesa Chandrasekaram delivers a highly important movie. Its strength comes not only from the important subject but also from the director’s ability to find a proper form. His quiet, slow-paced contemplation, is filled with tearing melancholy. It’s not a documentary narration, it is an attempt to capture a post-war consciousness, a pain that keeps throbbing - Asian Movie Pulse

 
මනල් අපක්ෂපාතීවූත්, සංකේතාත්මක වූත් සිනමා භාවිතයෙන් ඇතිකළ චින්තන කම්පනයකි … අප පිළිගත යුතු සත්‍යයනම් අප කිසිවෙකුත් යුද්ධයෙන් සැබැවින්ම් සුවපත් වූ අය නොවීමයි. අපගේ අතීතියේ අන්ධකාරී සෙවණැලි තවමත් අප වටා හොල්මන් කරමින් සිටියි. දැවැන්ත තිරයකට තම අත්දැකීම් ප්‍රක්ෂේපනය කරමින් ඉන්ද්‍රජාලික කථා කරුවෙකු ලෙස  විසාකේස මනල් තුලින් කියන්නේ එම කථාවයි.
-සිලෝන් ටුඩේ සිනමා විචාරය

Symbolic, unbiased and thought-provoking … The truth is that no one has recovered from what the war did to us. We are still haunted by the dark shadows of the past memories. This is what Visakesa Chandrasekaram; the magical storyteller in the big screen seems to attempt telling us in his latest film, Munnel – Ceylon Today
 
පතුල දැකිය නොහැකි ගැඹුරක් තුල මානව අත්දැකීම් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂකයන් විශ්මිත ආනන්දයකට පත් කරන මනල් සැබැවින්ම සිනමාත්මක අග්‍රකෘතියකි. 
12 1.25.1
- කළම්බු ටෙලිග්‍රාෆ් සිනමා විචාරය

Munnel’, a cinematic masterpiece, explores the unfathomable depths of human experience, mesmerising spectators - Colombo Telegraph 


MUNNEL Crew

Screenwriter, Director, Producer: Visakesa Chandrasekaram
Director of Photography: Rishi Selvam
Film Editor: Sithum Samarajeewa
Music Composer: Pathmayan Sivananthan
Art Director: Channa Asanka
Costume Designer: Selvaraj Leelawathy
Makeup Artist: Julius Andrew
Sound Designer: Aruna Kaluarachchi
Digital Colourist: Ananda Bandara
Assistant Director: Jenoshan Jeyaratnam
Production Manager: Barath Panchadsaram
Associate Producers: Rishi Selvam, Jenoshan Jeyaratnam & Barath Panchadsaram

mnl 53426Cast

Rudran: Sivakumar Lingeswaran
Sellamma: Kamala Sri Mohan Kumar
Vaani: Thurkka Magendran
Kajan: Gowtham Sharma
Chandran: Dharu Baalan
Sivaraman: R. Rajah Mahendrasingam
Ponnamma: Francis pathma malini
Defence Lawyer: Selvaraj Leela
Betty: Svitlana Lysovska
Kaarthi: Ramsunthar Kantharuban
Judge: Amalathas Elroy
Prosecutor: Ananthakumar Vakeesan
Thambu: S. R. Thusikaran
Kalyani: Srilekka Perinbakumar
Medical Officer: Sathasivam Kalaiyukan
Shalini: Arunthavarsa Girithya
Baalan: Francis Julies Collin
Shankar: Karuppaiah Saththiyaseelan
Soldiers: Palitha Abeyrathne & Dhananjana Dinuwantha

විමසීම්: විසාකේස චන්ද්‍රසේකරම් |  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්